මැතිවරණයට සූදානම්- නිලධාරින්ගේ සියළු නිවාඩු අවලංගුයි

Published in පුවත්
Tuesday, 18 November 2014 13:42
එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ තේරීම් භාර නිලධාරීන් ලබන 21 වනදා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත කැදවා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එසේම දේශපාලන පක්ෂ ලේකම්වරුන් ද එදින පස්වරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයට කැදවා තිබෙන අතර මෙහිදී ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
 
තව ද 2014 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරේ. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න ද මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත කැදවා තිබේ. 
 
එමෙන්ම ඉදිරි මැතිවරණයක් පිළිබඳව රජය මගින් සිදුකළ ඇඟවීම් අනුව මැතිවරණයක් සඳහා සූදානම් වීමක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිවාඩු ඊයේ (17) දින සිට අවලංගු කර ඇත.
 
මැතිවරණය සදහා සුදානම් වීමත් ඊට අදාළ කටයුතු බහුල වීම මත මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සියළු නිවාඩු අවලංගු කර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සදහන් කලේය.

 

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us