මාතලෙන් සොයාගත් අස්ථි කොටස්වල වාර්තාව පිටවේ

Published in පුවත්
Wednesday, 19 November 2014 09:48

මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් මිනිස් අස්ථි කොටස් 1951 වර්ෂයට පෙර ඒවා බවට හඳුනාගෙන තිබේ.

අදාළ අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සම්බන්ධයෙන් වු වාර්තාව ඊයේ ද(18) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එම වාර්තාව මගින් අදාළ අස්ථි කොටස් 1951 වසරට පෙර ඒවා බව ද නිගමනය කර තිබු බව වාර්තා වෙයි.

පසුගිය දා මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් අස්ථි කොටස් පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට ඒවා අමෙරිකාවට යවා තිබුණි.‍

ඒ අනුව අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් විසින් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම කාල නිර්ණය වාර්තාව ප්‍රකාශයට පත්කර තිබේ.

කෙසේ වෙතත් අමෙරිකානු ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාව පිළිගත නොහැකි බව අගතියට පත් පාර්ශවය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් එම අස්ථි කොටස් කිනම් වර්ෂයකට අයත්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දෙසැම්බර් 05 වන දා දක්වා කල් දැමීමට මාතලේ මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සම්පත් ගමගේ මහතා තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us