ගෝඨා, සිවිල් සමාජයට තහංචි දමයි.

Published in පුවත්
Tuesday, 08 July 2014 08:45

රාජ්‍ය නොවන සංවිධානවලට මාධ්‍ය හමු, වැඩමුළු, ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් සංවිධාන කිරීම සහ මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයට ලක් කිරීමෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධා සිදුවන බව ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය පවසයි.

ජූලි 07 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා පැවැත්වීම, පුවත් පත් නිවේදන නිකුත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම තහනම් කැරෙන බවය.

චක්‍ර ලේඛනයක් ලෙස නිකුත් කර ඇතත් එය නීතියක් මෙන් තහනම් නියෝග පනවා තිබේ. මෙම තහනම් නියෝග මගින් තහංචි පණවා ඇත්තේ මූලික මානව හිමිකම් ලෙස අර්ථ දැක්වෙන ප්‍රකාශනයේ නිදහසට සහ සමාගමයේ නිදහසට ය.

නීතියක මුලික අංගයක් වන අර්ථ දැක්වීම් කිසිවක් මෙම වක්‍ර ලේඛනයේ නැත. තහනම් කැරෙන ක්‍රියා සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන යනු මොනවාදැයි ඉන් අර්ථ දැක්වෙන්නේ නැත. මේ අනුව ආගමික සැදැහැවතුන්ගේ එකතුවක්, ගමක මරණාධාර සමිතියක්, විද්වතුන්ගේ සංගමයක් මෙන්ම ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයක් යනාදී ඕනෑම සංවිධානයක කට බැදීමට රාජපක්ෂවරුන්ට හැකි ය.

කෙසේ නමුත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය ප‍්‍රකාශ කළේ එවැනි පියවරක් පිළිබඳ තමන්ට මෙතෙක් දැන ගන්නට ලැබී නොමැති බවයි.

Defence-Letter

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us