ඩෙංගු කීට ඝනත්වය ශීඝ්‍රයෙන් ඉහළට

Published in පුවත්
Saturday, 22 November 2014 10:53

නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව යන දිස්‌ත්‍රික්‌ක තුන හැර සෙසු සෑම දිස්‌ත්‍රික්‌කයකම පාහේ ඩෙංගු මදුරු කීට ඝනත්වය එම ඝනත්වය මනිනු ලබන දර්ශකයෙහි 10 කට වඩා වැඩි අගයක පවතින බව කීට විද්‍යා සහකාර නිලධාරීහු සදහන් කර සිටිති.

සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ සංගමයෙහි ලේකම් නජිත් සුමනසේන මහතා පෙන්වා දෙනුයේ සාමාන්‍යයෙන් ඩෙංගු වසංගතයක්‌ නොවන මට්‌ටමක පවත්වා ගැනීමට නම් ඩෙංගු මදුරු කීට ඝනත්වය මනිනු ලබන බ්‍රිටෝ දර්ශකයෙහි 4 කට අඩු අගයක එම කීට ඝනත්වය පැවතිය යුතු බවයි.

කුරුණෑගල, කෑගල්ල, මීගමුව, යාපනය, කොළඹ, රත්නපුර හා මාතර යන දිස්‌ත්‍රික්‌කවල ඩෙංගු මදුරු කීට ඝනත්වය 15 කට වැඩි මට්‌ටමක පවතින බවත් ඇතැම් ප්‍රදේශවල 30 ත් 40 ත් අතර මට්‌ටමක පවතින බවත් ඔහු කීවේය.

රට පුරා පවතින කීට විද්‍යා සහකාර නිලධාරීන්ගේ හිඟය මත ඩෙංගු මදුරු කීට ඝනත්වය පිළිබඳ වාර්තා සෞඛ්‍ය බලධාරීන් වෙත යෑවීමේ කටයුතු ප්‍රමාද වෙමින් පවතින බව හෙතෙම අවධාරණය කළේය.

මෙම මාසයේ මේ දක්‌වා ඩෙංගු රෝගීන් 1778 දෙනකු වාර්තා වී ඇති අතර මෙම වසරේ මෙතෙක්‌ වාර්තා වී ඇති එම රෝගීන්ගේ සංඛ්‍යාව 38,362 කි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us