ධීවරයින් අත්අඩංගුවට ගැනීම ගැන තම්ල්නාඩුවේ විරෝධය

Published in පුවත්
Tuesday, 25 November 2014 10:24

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර් සෙල්වම් ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් මෙම ලිඛිත ඉල්ලීම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය ඉරිදා දිනයේ අත්අඩංගුවට ගත් ධීවරයින් 14 දෙනා සමඟ මේ වන විට ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු මෙරට අත්අඩංගුවේ සිටිති.

ඊට අමතරව ඉන්දීය ධීවර යාත්‍රා 78ක් ද ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ ඇති බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේය.

අදාළ ධීවරයින් සහ යාත්‍රා නිදහස් කරගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මෙරට දී මරණ දණ්ඩනය නියම වු ඉන්දීය ධීවරයින් පස් දෙනා නිදහස් කරගැනීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර් සෙල්වම් නරේන්ද්‍ර මෝඩිට සිය ස්තූතිය පළ කර ඇත

නාවික හමුදාව විසින් පෙරේදා රාත‍්‍රියේදී මෙම ඉන්දීය ධිවරයින් දා හතර දෙනා අත්අඩංගුවට ගැනුනේ ඩෙල්ෆ් දුපත ආසන්නයේදීය. පසුව මෙම ධිවරයින් යාපනය කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝ්ග කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us