ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය වපුරද්දී, පොලිසිය ඉබිගමනේ

Published in පුවත්
Tuesday, 25 November 2014 11:01
ඉදිරි ජනාධිපතිවරණය දී ප්‍රචණ්ඩත්වය වැපරීමට ඇති තම සුදානම ආණ්ඩුව කල්තියා ප්‍රදර්ශනය කරමින් ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි. 
මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. 
 
එම මාධ්‍ය නිවේදනය ඉහත පරිදි වෙයි.
 
ඉදිරි ජනාධිපතිවරණයේ දී ප්‍රචණ්ඩත්වය වැපිරවීමට ඇති තම සූදානම කල්තියා ප්‍රදර්ශනය කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් ශාරීරික හිංසාවන්ට පත් කිරීමේ ක්‍රියාවලිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය දැනටමත් ආරම්භ කර තිබේ. විශේෂයෙන්ම පසුගිය දා මාවතගම දී හා බේරුවලදී මිලේච්ඡ පහරදීම් දෙකක් විපක්ෂ ආධාරකරුවන් ඉලක්ක කරගනිමින් සිදු වූ අතර, ඉන් වඩාත් දරුණු ප්‍රහාරය දැක ගත හැකිවූයේ බේරුවල මග්ගොන ප්‍රදේශයේ දීය.
 
 එහිදී, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකත්වයට පත්වීම සම්බන්ධයෙන්  සතුට පල කරමින් සිටි බේරුවල හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමිල රණසිංහ මහතා දේශපාලන මැරයන්ගේ ප්‍රහාරයට ලක් ව මේ වන විට දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
 
 
ශිෂ්ඨ සමාජය කිසිදු ලෙසකින්වත් අනුමත නොකරන මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදුවූයේ ජනාකීර්ණ මග්ගොන නගරයේ දී ය.   ප්‍රහාරකයන් වෙඩි තබමින් මහා විනාශයක් සිදු කරද් දී  ඒ සියල්ල අසල තිබූ සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන්ව ඇති බව ට හා විදේශිකයෙකු විසින් එම සිදුවීම ඡායාරූපයට නැගූ බවට විස්තර හෙළිව තිබියදී පවා පොලිසිය මේ සිදුවීම පිලිබඳව පරීක්ෂණ පවත්වන්නේ ඉබි ගමනින් වීම පැහැදිලිවම කණගාටුදායක තත්ත්වයකි. එබැවින්, අප පොලිස්පතිවරයාගෙන් යළිදු ඉල්ලා සිටිනුයේ දේශපාලන බලහත්කාරයට හිස නොනවමින් අපක්ෂපාතී පරීක්ෂණයක් මේ සම්බන්ධයෙන් සිදුකර මීට සම්බන්ධ දේශපාලන මැරයන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙසය. 
 
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට සම්බන්ධ මැරයන් මෙම මිලේච්ඡ ප්‍රහාරය සිදු කර පලා ගොස් ඇත්තේ ඉදිරියේ දී මීටත් වඩා බරපතල සිදුවීම් බලාපොරොත්තු විය යුතු බවට තර්ජනයක් ද කරමිනි. මෙය පැහැදිලිවම බරපතල තත්ත්වයකි.  තමා  දේශපාලන  ප්‍රතිවිරුද්ධවාදීන්ගෙන් පළි නොගන්නා බවට ජනාධිපතිවරයා පුරසාරම් කථා පවසද්දී ඔහුගේ ගෝලබාලයන් පිටතට ප්‍රදර්ශනය කරමින් සිටිනුයේ ඊට මුළුමනින්ම වෙනස් දෙයකි.   
 
 
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ එකක් බවට පත් කිරීමේ දී පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරය අතිමහත් වන අතර, එයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට ඔවුන් වග බලා ගත යුතුය. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී විවිධ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවකට නීති විරෝධි ස්ථාන මාරුවීම් ලබා දීමට ගත් උත්සාහයක් පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත් වීම තුල පසුගිය දා අවලංගු කිරීමට කටයුතු කරන ලදී. 
 
එසේ නීතියට වැඩ කිරීමට පොලිස්පතිවරයා උත්සාහ දරද්දී එම දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඇතැම් නිලධාරීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කාර්යාල විවෘත කිරීම සදහා නිල ඇදුමින් ම සම්බන්ධවී සිටින ආකාරය ජනමාධ්‍ය පසුගිය දිනවල පෙන්වා දි තිබුනි. හලාවත ප්‍රදේශයේ සිදු වු එවැනි සිදුවීමක් මාධ්‍ය පෙන්වා දී තිබුණේ සියළු ඡායාරූප විස්තර ද සහිතව ය.  
 
තම දෙපාර්තමේන්තුව තුල සිටින නිලධාරීන් නීතියේ රාමුව තුල රදවා ගැනීමට උත්සාහ දරන ලෙස ඉල්ලා සිටින අතරතුර  අප පොලිස්පතිවරයාට දැඩි අවධාරනයෙන් යුතුව පෙන්වා දෙනුයේ විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව ක්‍රමයෙන් හිස ඔසවමින් ඇති  රාජ්‍ය ත්‍රස්තවාදය”මැඩලීමට ද වහා කටයුතු කරන ලෙස ය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us