කොළඹ මහ නගර සභාව ගැටලු රැසකට මැදිවේ

Published in පුවත්
Tuesday, 25 November 2014 13:38

කොළඹ මහ නගර සභාවේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් වහා ලබාදෙන ලෙස සමස්ත ලංකා පළාත් පාලන පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

කොළඹ නාගරික කොමසාරිස්තුමියගේ අත්තනෝමතික මැදිහත්විම වෙනුවෙන් සතියක පමණ කාලයක සිට කොළඹ මහ නගර සභාවේ සේවක නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. කොළඹ මහ නගර සභාවේ සේවයට නොපැමිණ වැටුප් ලබන ( හමුදා)සේවක පිරිසක් සිටින බවට ප‍්‍රකාශ කරමින් නාගරික කොමසාරිස්තුමිය කටයුතු කළ අකාරය මීට මුල් වී ඇත.

නාගරික කොමසාරිස් තුමිය සේවයට නොපැමිණෙන සේවක පිරිසක් වැටුප ලබන බවට තොරතුරු සොයා බැලීම සඳහා පොලීසියට පවරා ඇත.පොලීසිය විසින් එවැනි සේවක පිරිසක් සිටින බවත් ඔවුනට වැටුප් සහ අතිකාල ලබා දී ඇති බවත් ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සේවකයින් අතිකාලවලින් ඉවත් කර තිබීම නොසන්සුන්තාවයට හේතු වී අැත. මෙම කරුණු සළකා බැලීමේ දී නාගරික කොමසාරිස්තුමිය විසින් කටයුතු කර ඇති ආකාරය අත්තනොමතික අඳුරදර්ශී බව සමස්ත ලංකා පළාත් පාලන පොදු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

රාජ්‍ය සේවයේ නීති රෙගුලාසි විශාල ප‍්‍රමාණයක් ඇතත් ඒ සියල්ලට පයින් ගසා අත්තනෝමතික ලෙස කටයුතු කර පොලීසියට ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීම භාර දී තිබීම ගැන ඔවුන් සිය විරෝධය පල කර සිටී.

මාධ්‍ය නිවේදනය මගින් ඔවුන් මෙසේ සදහන් කර සිටී.

'එවැනි සේවක පිරිසක් සිටි නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා තහවුරු කරගෙන ඔවුන්ට නිත්‍යානුකූලව දඬුවම් කළ යුතු බව අප සංගමයේ මතයයි. කොමසාරිස් තුමියගේ අත්තනෝමතික ක‍්‍රියාවලිය හේතුවෙන් නාගරික බල ප‍්‍රදේශයේ පවිත‍්‍රතා කටයුතු පවා ඇනහිට තිබේ. නාගරික ජනයාට ලබා දිය යුතු පහසුකම් තව දුරටත් අඩුවීමට ඉඩ ඇත. එම තත්වය පිළිබඳව නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරින් සහ නගරාධිපති ඇතුළු බලධාරින් අවධානය යොමු කොට විසඳුම් ලබා නොදෙන්නේ නම් සේවක වර්ජනයක් සහ විවිධ විරෝධතා ක‍්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බව දැනුම් දෙමු.'

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us