මෛත්‍රී සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවකට දිවුරයි Featured

Published in පුවත්
Wednesday, 26 November 2014 10:22

''ශ්‍රීමත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන්දිනය යෙදී තිබෙන ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා හැටියට මම කිසිදු පක්ෂයකට අයත් කෙනෙකු ලෙස නොව සෑම දෙනාටම ‍පොදු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරනවා. හැමෝටම ‍පොදු ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ගැන අද මම මේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට සිට සපථ කර ජනතාවට කියනවා'' යැයි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ‍ලේකම් හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හොරගොල්‍ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්‍පොපහාර දැක්වීමට ඊයේ (25)පැමිණි අවස්ථාවේදීය.

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග බණ්ඩාරනායක සමාධියට පුෂ්‍පෝපහාර දැක්වීමට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.


“කවුරු මොනවා කිව්වත් අදටත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ‍ලේකම්වරයායි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණේ වර්ෂ 1947දී එතකොට මට ඡන්ද අයිතියවත් නැහැ. මොකද එතකොට මගේ වයස අවුරුදු 17යි. එදා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි ගමනේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ  රජයේ දීර්ඝ කාලයක් කටයුතු කළා. පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු ජනාධිපතිවරුන් තිදෙනකු යටතේ කටයුතු කළ කෙනෙක්.

පසුව දේශපාලන පරිවර්තනයක් ඇතිකිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ රනිල් වික්‍රමසිංහ මහතා මට කළ ආරාධනයට අනුව මගේ ඇමැති ධුරය නොතකා පැමිණ ‍පොදු අපේක්ෂයා වුණා. මම දළදා මාලිගාව හා ජය ශ්‍රී මහ බෝධිය වැඳලා මගේ මූලික වගකීම ඉෂ්ට කළා.


1977 හදපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනතුරු අදටත් මේ රටේ ජනතාව කැමැත්තෙන් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි  මේ රටේ දේශපාලකයෝ මැතිවරණවලදී කා කොටාගන්නේ අපේක්ෂකයන්ගේ වරදින් නොවෙයි මේ මැතිවරණ ක්‍රමයේ වරදින්, ඒක නිසා මැතිවරණ ක්‍රමයද මම අහෝසි කරනවා.


 ආණ්ඩුවේ අයට කියන්නේ මම ජාතික ආණ්ඩුවක් හදනවා. ඒකේ ඇමැතිධුරත් දෙනවා. කැමැති අයට අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්.


හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට:


එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඒ වගේම තවත් පක්ෂ ගණනාවක් එක්ව සංවිධාන ගත වෙනවා. සමහරු අහනවා ඒ කවුද කියලා. මට කියන්න තියෙන්නේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලයි.


මම බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති ගරුකරන කෙනෙක් හැටියට අද අපි ‍පොදු කරුණක් වෙනුවෙන් එකතුවෙලා ඉන්නේ. ඒ වංචාව, දූෂණයෙන් තොරව රට පාලනය කිරීමට. මොකද බණ්ඩාරනායක පවු‍ලේ උදවිය කවුරුවත් වංචා දූෂණවලට සම්බන්ධ වෙච්ච අය ‍නෙවෙයි. 1956දී බණ්ඩාරනායක මහතා දේශපාලනය කළේ එයාගේ රොස්මීඩ් පෙදෙසේ නිවස විකුණලයි. බණ්ඩාරනායකලා දේශපාලනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ අයයි.


මේ රටේ පවතින විධායක බලතල මෙන්ම දූෂිත ඡන්ද ක්‍රමයද අහෝසිකර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන බවට අද මම මේ සමාධිය ඉදිරිපිට සිට ප්‍රතිඥා දෙනවා.”


පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us