මෛත්‍රී පාලනයට එරෙහිව වෙඩි 4ක් පත්තුවේ

Published in පුවත්
Wednesday, 26 November 2014 12:18

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදුව ඇත.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගිණි අවි භාවිතයෙන් සිදුවූ සිව්වන ප්‍රචණ්ඩක්‍රියාව ද, හය වන බලපතර ප්‍රචණ්ඩක්‍රියාව ද මෙයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර සංචාරයේ දී මුස්ලිම් දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාව සංවිධානය කරනු ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හලීම් මහතා විසිනි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ වන විට කලුතර මග්ගොන, පුත්තල මාදම්පේ (මැදගම - වෙඩි තැබීම් 2) සහ මාවිල්මඩ ප්‍රදේශවලි දී වෙඩි තැබීම් වාර්තා වී ඇත. මග්ගොන දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකසරුවන් පැමිණි රථය හදුණාගෙන ඇත. සීසීටීවී කැමරා සහ වෙනත් ඡායාරූපමය සාක්ෂි මේ සම්බන්ධයෙන් ඇති නමුත් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත. ප්‍රහාරයන් තුවාල ලැබූ චමිල රණසිංහ මහතා ගේ තත්වය බරපතලය.ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මාවතගම සිදුවූ පහරදීමට අදාළ ඡායාරූපමය සාක්ෂි කැෆේ සංවිධානය ද වෙනත් පුද්ගලයින් විසින් ද ප්‍රසිද්ධ කොට ඇත. එසේ තිබිය දී චෝදනා එල්ල වී ඇති ප්‍රා දේශීය සභා සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම හෝ මේ දක්වා සිදුවී නොමැත.

මාදම්පේ හෝ මාවිල්මඩ වෙඩි තැබීම් රාත්‍රි යේ දී සිදු වූ බැවින් ඒවා පිළිබදව පරීක්ෂණය අතහැර දැමීමට ඇති අවස්ථා විශාල බව කැෆේ සංවිධානයේ විශ්වාසයයයි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව කලුතර, පුත්තලම, කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික්කවල සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා කැෆේ සංවිධානය දැඩි ලෙස හෙළා දකින අතර මෙම සිදුවීම් පිළිබද නීතිය ක්‍රියාත්මක කරන මෙන් පොලීසිය ඇතුඵ බලධාරීන්ගේ දැඩිව ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us