තවත් පොදු අපේක්ෂකයෙක්

Published in පුවත්
Thursday, 27 November 2014 09:55

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.

වාමාංශික පක්ෂ අතර එළඹුණු ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීට නියමිතය.

මේ අතර බොදු බලසේනා සංවිධානය ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළකරන අපේක්ෂකයා පිළිබඳ අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව ජාතික හෙළ උරුමය විසින් සකස් කරන ලද යෝජනාවලිය පිළිබඳව ජනතාව දැණුවත් කිරීමේ ජාතික හමුවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම ජාතික හමුවේ තේමා වන්නේ විධායක ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කරමු, යහපාලනය සදහා ස්වාධීන කොමිෂන්සභා ස්ථාපිත කරමු, ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක් ඇති කරමු යන ඒවාය.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේ දී තම පක්ෂය සහය පළකරන අපේක්ෂකයා පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත් නොකරන බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us