නාම යෝජනා කැදවීමෙන් පසුව සිව්වන වෙඩිල්ලත් පත්තුවේ.

Published in පුවත්
Thursday, 27 November 2014 11:27

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට නොවැ. 25 දින අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත. ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදු ව ඇත.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගිණි අවි භාවිතයෙන් සිදුවූ සිව්වන ප්‍රචණ්ඩක්‍රියාව ද, හය වන බලපතර ප්‍රචණ්ඩක්‍රියාව ද මෙයයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර සංචාරයේ දී මහනුවර මුස්ලිම් දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාව සංවිධානය කරනු ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හලීම් මහතා විසිනි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව මේ වන විට කලුතර මග්ගොන, පුත්තල මාදම්පේ (මැදගම - වෙඩි තැබීම් 2) සහ මාවිල්මඩ ප්‍රදේශවලි දී වෙඩි තැබීම් වාර්තා වී ඇත. මග්ගොන දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකසරුවන් පැමිණි රථය හදුණාගෙන ඇත. සීසීටීවී කැමරා සහ වෙනත් ඡායාරූපමය සාක්ෂි මේ සම්බන්ධයෙන් ඇති නමුත් කිසිවෙකුත් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත. ප්‍රහාරයන් තුවාල ලැබූ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන චමිල රණසිංහ මහතා ගේ තත්වය බරපතලය.

මාවතගම සිදුවූ පහරදීමට අදාළ ඡායාරූපමය සාක්ෂි කැෆේ සංවිධානය ද වෙනත් පුද්ගලයින් විසින් ද ප්‍රසිද්ධ කොට ඇත. එසේ තිබිය දී චෝදනා එල්ල වී ඇති ප්‍රා දේශීය සභා සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම හෝ මේ දක්වා සිදුවී නොමැත.

මාදම්පේ හෝ මාවිල්මඩ වෙඩි තැබීම් රාත්‍රි යේ දී සිදු වූ බැවින් ඒවා පිළිබදව පරීක්ෂණය අතහැර දැමීමට ඇති අවස්ථා විශාල බව කැෆේ සංවිධානයේ විශ්වාසයයයි.

මැතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව කලුතර, පුත්තලම, කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රික්කවල සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා කැෆේ සංවිධානය දැඩි ලෙස හෙළා දකින අතර මෙම සිදුවීම් පිළිබද නීතිය ක්‍රියාත්මක කරන මෙන් පොලීසිය ඇතුඵ බලධාරීන්ගේ දැඩිව ඉල්ලා සිටී.

Last modified on Thursday, 27 November 2014 12:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us