එල්.ටී.ටී.ඊ. සම්බාධක අභියෝගයට ලක්කළ තීන්දුවට එරෙහි අභියාචනයක්

Published in පුවත්
Tuesday, 02 December 2014 13:24

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොණු කිරීමට යුරෝපානු සංගම් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අතරට එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම සහ එම සංවිධානයට ලැබෙන ආධාර මුදල් අත්හිටුවීම යන කරුණු ඇතුළත්ව ඇති බව සඳහන්ය.

මෙරට යුරෝපානු සංගම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙය ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ යුරෝපානු අධිකරණය ලබාදුන් තීන්දුව මගින් යුරෝපානු සංගම් කවුන්සිලය එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැනවු ඇතැම් සම්බාධක අවලංගු වී ඇති බව එම කවුන්සිලය පවසයි.


කෙසේ වෙතත් අදාළ යුරෝපානු අධිකරණය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැනවු සම්බාධක අභියෝගයට ලක් කරමින් ඔවුන්ට හිතකර පරිදි තීන්දුවක් ලබා දී ඇති බව එම කවුන්සිලය පවසයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුරෝපානු සංගම් කවුන්සිලය පනවා තිබු සම්බාධක අභියෝගයට ලක් කරමින් යුරෝපානු අධිකරණයක් විසින් පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා තීන්දුවක් ලබාදී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us