නිරුවතින් වෙසෙන ගම්මානයක්

Published in අනං මනං
Tuesday, 02 December 2014 13:41

 ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත.

මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි.
Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා ගමේ ප්‍රධානියාගෙන් අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි.

ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත.

82 හැවිරිදි රිචර්ඩ්සන් සිය ජීවිතයෙන් අඩකට වඩා ගතකොට ඇත්තේ මෙම ගම්මානයේ ය. ඔහු සිය අත්දැකීම් මාධ්‍යට හෙළිකොට තිබුනේ මෙලෙසිනි.

“නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි, නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ…අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ..වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා..මේක හරියට කුඩා වතු යායක් වගේ..අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා..මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.. “

මෙම ගම්මානය නිර්මාණය කොට ඇත්තේ රිචර්ඩ්සන් ගේ පියාවන චාර්ල්ස් විසින් 1929 දී පවුම් 500 කට මිලදී ගනු ලැබූ අක්කර දොළහක භූමියක් තුල වේ.

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us