අද මධ්‍යම රාත‍්‍රියේ සිට අතිරේක පන්ති තහනම්

Published in පුවත්
Wednesday, 03 December 2014 09:58

අ.පො.ස සාමාන්‍යපෙල විභාගය සදහා උපකාර පන්ති සහ සම්මන්ත‍්‍රන පැවැත්වීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට විභාග කටයුතු අවසන් වනතෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. සාමන්‍ය පෙල විභාගයට අදාල අනුමාන ප‍්‍රශ්ණ පත‍්‍ර බෙදා හැරීම, ඊට අදාල දේශණ පැවැත්වීමද මේ යටතේ තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සදහන් ක‍ළේය‍‍.

ලබන 9 දා සාමාන්‍යපෙළ විභාග කටයුතු ආරම්භ වන අතර දෙසැම්බර් දහ අටවනදා තෙක් විභාගය පැවැත්වීමට නියමිතය. එම කාලසීමාව තුල මුද්‍රිත මාධ්‍යයෙන් හෝ වෙනත් මාධ්‍ය භාවිතා කරමින් අනුමාන ප‍්‍රශ්ණ පත‍්‍ර සාකච්ඡා කිරීමටද මේ යටතේ හැකියාව නොලැබේ.

එම නියමයන් උල්ලංගනය කරමින් කටයුතු කරන පුද්ගලයින් හෝ ආයතන වෙතොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බවද විභාග කොමසාරිස්වරයා නිකුත් කල නිවේදනයේ සදහන්ය.
මෙම නියමයන් කඩකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි විභාග දෙපාර්තමේන්තුව වෙත හෝ පොලිසිය වෙත ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

1911 යන විභාග දෙපාර්තමේන්තුවේ හදිසි දුරකථන අංකය වෙත හෝ 2 784 208 සහ 2 784 537 යන දුරකථන අංක වෙත එම පැමිණිලි ලබා දිය හැකිය.


එසේ නැතිනම් ආසන්නතම පොලිස් ස්ථානයෙ වෙත හෝ 119 හදිසි දුරකථන අංකය වෙත එම පැමිණිලි ඉදිරිපත් කරන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.මෙවර සාමන්‍ය පෙල විභාගය සදහා සිසුන් පන් ලක්ෂ හැත්තෑ හත් දහස් අසූ හතර දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us