කැටගොඩ මහින්දට සෙට් වෙලා!

Published in පුවත්
Friday, 05 December 2014 12:15

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් ඔහු ආණ්ඩුවේ ප්‍රධානියෙකු සමග සාකච්ඡා පවත්වා තිබෙන අතර, ඔහු සමග බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් සභා නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුද පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

දැනට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් ඇතුළු සාමාජිකයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප පෙරමුණෙහි නායකත්වයට ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

ඉන්පසුව දේශපාලන පක්ෂයක් ලෙස එම පෙරමුණ ලියාපදිංචි කිරීමට නියමිත අතර, අනතුරුව එය එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළකරන දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කරනු ඇත.

මේ වනවිටත් ජයන්ත කැටගොඩ මහතාගේ දුරකථන ජාලය අක්‍රියව පවතින බැවින් හිතමිතුරන්ට පවා ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වී තිබේ.
ඉකුත් දිනවල පැවැති පක්ෂයේ කටයුතුවලට පවා ඒ මහතා සහභාගී නොවූ අතර, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒ පක්ෂයේ නායකයන්, මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන් අතර පැවැති රැස්වීමටද ජයන්ත කැටගොඩ මහතා පැමිණියේ නැත.

මේ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ දිනවල මන්ත්‍රීවරයා පක්ෂයෙන් ඉවත්වන බවට මීට ටික කළකට පෙර දැනගන්නට ලැබුණුබවත් එබැවින් ඔහු පක්ෂයේ කටයුතුවලට සම්බන්ද කරනොගත් බවයි. එසේම පොදු අපේක්ෂකයාට අදාල සාකච්ඡාවලටද ඔහු දායක කර නොගත් බව හෙතෙම පැවසීය.

කෙසේවෙතත් රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් කිහිපදෙනෙකු සමග කැටගොඩ මහතා පැවැත්වූ සාකච්ඡාවලදී පවසා ඇත්තේ තමාගෙන් නොවිමසා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට එහි නායක සරත් ෆොන්සේකා මහතා තීරණය කළ බවයි.

එසේම පවතින දේශපාලන තත්ත්වය හා පක්ෂය තුළ රැඳී සිටීමෙන් තමාගේ දේශපාලන අනාගතය පිළිබඳ අවිනිශ්චිතාවක් ඇතිවිය හැකි බවද ඔහු කියා තිබේ.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ පොදු අපේක්ෂකයාට සහාය පළකිරීමෙන් පක්ෂයට බරපතළ හානියක් සිදුවන බවයි.

එබැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප පෙරමුණේ නායකත්වය භාරගැනීමට ඔහු එකඟ වී තිබේ.

මේ අතර ඊයේ (04දා) පැවැති බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අතරතුර අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජයන්ත කැටගොඩ මහතා නුදුරු දිනකදීම අරලියගහ මන්දිරයේදී දකින්නට ලැබෙනු ඇති බවයි.

මූලාශ්‍රය අද

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us