පොදු අපේක්ෂකයාට සැමගේම සහාය

Published in පුවත්
Saturday, 06 December 2014 16:30

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදීමේ යෝජනාව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත වුණි.

පොදු අපේක්ෂකයාට අනුමැතිය ලබා ගැනීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් මයිකල් පෙරේරා සිංහල භාෂාවෙන් සභාවට ඉදිරිපත් කළ අතර එය දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ. වේලායුදන්ය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක හා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ යෝජනාව සඳහා සභාවෙන් අනුමැතිය විමසනු ලැබුවේය. එහිදී පක්ෂ සාමාජිකත්වය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදීම සඳහා අනුමැතිය ලබා දුන්හ.

එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ප‍්‍රකාශ කළේ කොළ පාට ආණ්ඩුවක් බිහි කිරීමට සියලූ පාර්ශව එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවය.

විශේෂ සමුළුව ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සියලූ බලවේග එක් කර ගනිමින් නව පාලනයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවය.


ඒ සඳහා ජනපතිවරණයට ඉදිරිපත් වී ඇති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ මහා සමුළුවේ අනුමැතිය අද (06) දිනයේ ඒකමතිකව ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Saturday, 06 December 2014 16:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us