නාම යෝජනා බාරගැනිම අදින් අවසන්

Published in පුවත්
Monday, 08 December 2014 10:47

මෙවර ජනාධිපතිවරණයට අදාළව නාම යෝජනා බාරගැනිමේ කටයුතු අදින් අවසන්වීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 09.00 සිට දහවල් 11.00 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දි නාම යෝජනා බාරගැනිමේ කටයුතු සිදු කෙරෙයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා පක්ෂ 17කින් සහ ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර ඔවුන් සියලු දෙනා අද දිනයේ දි නාම යෝජානා බාරදීමට නියමිතය.

මේ අතර නාම යෝජනා බාරගැනිමේ කටයුතු හේතුවෙන් අද උදෑසන 09.00 සිට පස්වරු 02.00 දක්වා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සදහන් කලේ මෙම කාලය තුළ මැතිවරණ මහ ලේකම් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us