කටවුට් ගලවන්න කම්කරුවන් 2010 ක්

Published in පුවත්
Wednesday, 10 December 2014 13:37

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත්පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට තාවකාලික සුළු කම්කරුවන් සේවයට බඳවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

මේ සදහා සුළු කම්කරුවන් 2010 දෙනෙකු සේවයට බඳවා ගැනීමට නියමිත අතර එම සේවකයින් ඊයේ දිනයේ සිට සේවා කටයුතු සඳහා අනුයුක්ත කිරීමට ද පොලිස්පතිවරයා විසින් අවසර ලබා දී තිබේ.

කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හෝ පොලිස් අධිකාරී ‍වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, දිස්ත්‍රික්ක භාර පොලිස් අධිකාරී හෝ සහකාර පොලිස් අධිකාරී ‍වෙනුවෙන් කම්කරුවන් දෙදෙනෙක්, මුලස්ථාන පොලිසියක් වෙනුවෙන් කම්කරුවන් 05 දෙනෙක්, උපනගරයක පිහිටි පොලිස් ස්ථානයක් සඳහා කම්කරුවන් සිව් දෙනෙක් බඳවා ගැනීමට අවසරය හිමිවේ.

මීට අමතරව සෙසු පොලිස් ස්ථානයන් සඳහා කම්කරුවන් තිදෙනෙක් යොදවා ගැනීමට අවසරය හිමිවනු ඇත.

පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙන්නේ මෙම කම්කරුවන් බඳවා ගැනීමේ දී පක්ෂ දේශපාලන කටයුතුවල නොයෙදෙන නිදහස් පුද්ගලයන් බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව යොදවා ගත යුතු බවය.

Last modified on Wednesday, 10 December 2014 13:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us