අපි තීරණයක් ගන්නවා - ලංකා බැංකු සේවක සංගමය

Published in පුවත්
Saturday, 13 December 2014 11:43

ලංකා බැංකු සේවක සංගමය ඊයේ(12) හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කොට තිබේ.

බැංකු සේවයේ නිරතවූවන්ට හඳුන්වා දී තිබුණු විශ්‍රාම වැටුප් ක්‍රමය 1996දී අහෝසි කරනු ලැබූ බවත්, එතැන් සිට එය දිනා ගැනීම සඳහා අඛණ්ඩව ඉල්ලීම් කළ බවත් ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් කේසර කෝට්ටේගොඩ මහතා සඳහන් කළේය.

එම විශ්‍රාම වැටුප් ක්‍රමයම නොවුණත් යම් සාධනීය අංග ලක්ෂණවලින් යුතු වෙනත් විශ්‍රම වැටුප් ක්‍රමයක් 2013 වසරේදී හඳුන්වා දුන් බවත්, එයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම එළඹෙන 14 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බැංකු සේවක සේවිකාවන්ගේ සාමාජික රැස්වීමක් පවත්වනු ලබන බවත්, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එදින සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us