උපාලි කොඩිකාරත් මෛතී‍්‍රට !

Published in පුවත්
Sunday, 14 December 2014 19:38

බස්නාහිර පලාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා මෛති‍්‍රපාල සිරිසේන පිලට එක් විමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගරසභා සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මියද මෛති‍්‍ර පිලට එක්විමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

හෙළ උරුමයෙන් කරනමක් ගැසූ උදය ගම්මන්පිලට මහින්ද රාජපක්ෂ විසින් බස්නාහිර මහඇමති ධුරය සහ මහරගම සංවිධායක ධුරය ලබාදීමට පොරොන්දු වී ඇත.

උපාලි කොඩිකාර මහතාටද පසුගිය පලාත්සභා මැතිවරණයෙදි බස්නාහිර මහ ඇමති ධුරය ලබා දෙන බවට ජනපතිවරයා පොරොන්දු වී ඇති අතර කොඩිකාර මහතා තම ප‍්‍රචාරක කටයුතු සිදු කරමින් පැවසුවේද ජනාධිපතිවරයාගේ සහාය හිමිවන මහ ඇමතිවරයා තමන් බවයි.


මේ සියල්ල පසෙ‍කින් තිබියදී ජනාධිපතිවරයා උදය ගම්මන්පිලට සබාදෙන වරප්‍රසාදවලට විරෝධය පළ කරමින් කොඩිකාර මහතා මෙම තීන්දුව ගෙන තිබේ.

මහරගම නිදහස් පක්ෂ සංවිධායිකාව ලෙස දැනට කටයුතු කරන්නේ කාන්ති කොඩිකාර මහත්මියයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us