පැරිසියේ මෛත්‍රීට සහය

Published in පුවත්
Wednesday, 17 December 2014 11:53

''පාන් නැත්නම් කේක් කාපං'' යන වැකිය 18 වන සියවසට අයත් ලෝක විප්ලව ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් ගත් ලෝක ප්‍රසිද්ධ කියමනකි. ලෝක ඉතිහාසයට එය එකතු වන්නේ ප්‍රංශයේදීය. 18 වන සියවසේ අග භාගයේ ප්‍රංශය පාලනය කල 16 වන ලූවී රජුගේ දරදඬු පාලනයට හසුවූ ප්‍රංශ ජනතාව වැඩියෙන්ම අනුභව කරන පාන් නොමැතිව බඩගින්නේ සිටි අවස්ථාවක රජ මෙහෙසියවු මාරි අන්තුවානෙට් රජ බිසව විසින් ප්‍රංශ ජනතාවට එසේ පවසා ඇත්තේය.

එයින් කුපිතවූ ප්‍රංශ ජනතා විප්ලවයට අසුවු රජ පවුල පැරීසියේ බැස්ටීලයේදි අත් අත්අඩංගුවට පත්ව 1789දි ප්‍රංශ මහජන විප්ලවය ජය ගෙන නිදහස් නිවහල් පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයකට මුල්ගල් තැබීය.

එය සනිටුහන් කරමින් ලෝක ජනතා ගෞරවයට පාත්‍ර පැරීසියේ පිහිටි බැස්ටිල් ස්මාරකය ස්ථාපිත කර ඇති ස්ථානයට වැටී ඇති එක් මාවතක හූවක දුරකින් පිහිටි ශාලාවකදී ජනාධිපතිවරනයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම පිනිස උත්සව සභාවක් පැවැත්වීය.

පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛා, ශ්‍රීලනීප ශාඛා, හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, සමග විවිධ සමාජ සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන්ගේ එකතුවෙන් පැවැති මෙම සභාවට පැරීසියේ විශාල ජනතා සහභාගිත්වයක් පැවැතීම විශේෂ වුයේය. මෙම රැස්වීමට පැමින සිටි 300 කට අධික පිරිස අතර බහුතරය පසුගිය දිනක රට වෙනුවෙන් ඡිනීවා නුවර පතාක සිංහ ධජ වනමින් කෑ මොර දුන් දේශප්‍රේමීන්ය.


පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛා නිලධාරීන්ගේ මුලාසනයෙන් ආරම්භ කල සභාවට පැරීසියේ ශ්‍රී ලනීප ශාඛා නිලධාරීන්ට වේදිකාවට ආරාධනා කොට පිලි ගත්තේය.


පැරීසියේ එජාප හා ශ්‍රී ලනීපය එකම වේදිකාවේ රට වෙනුවෙන් අසුන් ගත් ප්‍රථම අවස්ථාව එය වූයේය. එය පැරීසියට සුවිශේෂි දිනයක් වූයේය. ඉන් අනතුරුව ඒ ඒ පක්ෂ නියෝජනය කරමින් දේශන පවත්වමින් වේදිකාවේ අසුන් සැරසුවෝය.


එජාපය, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ශ්‍රී ලනීපය, හා විවිධ සමාජ ක්‍රියාකාරින් අතුරින් අනුපිලිවෙලින් අජන්ත කල්දේරා, නිහාල් මැක්බෝව, ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, පුෂ්පසිරිද අල්විස්, අඡිත් රණසිංහ, ආනන්ද ධර්මසේන මහත්වරුන් දේශන පවත්වන ලදී.

මාවිල්ආරු සොරොව්වේ කලබැගෑනියේදි ඇල්මැරුනු ජනාධිපතිතුමා යුධ ජයග්‍රහානයට පෙරමුණ ගැනීමට මුල් වුයේ ජාතික හෙළ උරුමයයි.


එදා අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ හෙළ උරුමයත්, ජනතා විමුක්ති පෙරමුණත් නිර්භයව පෙරමුණ ගත් බවත් මෙදා එම රතන ස්වාමීන්වහන්සේ අද පවතින ආඥාදායක පාලනයට එරෙහිව පලමු වෙඩි මුරය එල්ල කල බවත් රතන සුත්‍රය ඉතාමත් බලගතු සුත්‍රයක් බැවින් එදා මෙන් අදත් අවසාන ජයග්‍රහානය දක්වා සටන් වදින බව ජාතික හෙළ උරුමයේ ප්‍රංශ ශාඛා සභාපති සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ දේශනයේදි පැවැසීය.


ඉන් අනතුරුව වසර 13ක් පැරීසියේ ශ්‍රී ලනීප සභාපති තනතුර දරන ඩේමියන් පීරිස් මහතා විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට පාදකවූ කරුනු ඇතුලත් ජනාධිපති තුමාට යොමු කල සංදේශයක් සභාවට ඉදිරිපත් කල අතර සභාවේ දැඩි අත් පොලොසන් හඬින් සියල්ලෝ එය අනුමත කළේය.


ජනාධිපති තුමා අමතන එම සංදේශයේ මෙසේ සඳහන් වුයේය.

'' එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගීම සදහාත් එය ජයග්‍රහානය කරා ගෙන යෑම සඳහාත් ඔබ සමග අත්වැල් බැඳ ගෙන යුරෝපයේ හිඳිමින් ඉතා වැදගත් කාර්ය භාරයක නියැලූනු අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වෙමු. ඔබේ 'මහින්ද චින්තනයේ˜ ලේඛන ගත කල පරිදි තිරසාර සෙනෙහසින් පිරුණු රටක්˜ ගොඩ නැගීම වෙනුවෙන් ඈත දේශ දේශාන්තරයන්හී සිට ඇප කැපවුවෝ අපි වෙමු. යුද්ධය ජයග්‍රහාණය කිරීමේ අවසන් මෙහොතේ ජාත්‍යයන්තරව නැඟුණ මහා විරෝධයට ජාත්‍යයන්තරව සිටිමින්ම දැඩි ශීතල විඳිමින් මුහුණ දුන්නෝ අපි වෙමු. මහා චින්තකයන් රාශියක් පහළ වුණු ප්‍රංශය වැනි දේශයක ජීවත් වෙමින් උපන් බිමට මහත් ප්‍රේම කරන්නන් වන අපට මහින්ද චින්තනය දැනුනේ සැබෑ චින්තනයක් ලෙසිනි. එය අදහසක් හෝ මතවාදයක් නොවන සැබෑ චින්තනයක් බව අපි කිසිඳූ චකිතයකින් තොරව ඇදෑහුවෙමු. මහා චින්තනයක් සහිත නායකයෙක් අපේ උපන් බිමේ සිටිනා බව සිතමින් අපි ආඩම්බර වුවෙමු. නමුත් එසේ සිතමින් සතුටු වීමට ඔබ , ඔබේ පවුලේ අය හා ඔබ වටේ සිටිනා අප පක්ෂය විනාශ කිරීමට උත්සහ දරන්නන් අපට වැඩි කාලයක් ඉඩ දුන්නේ නැත. ක්‍රමයෙන් විරුද්ධ පාක්ෂිකයින්, සෙසු ලෝකයා පමණක් නොව රටේ සුබ අනාගතය මුළු හදින් ප්‍රාර්ථනා කල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපටද දැනෙන්නට වුයේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පෙර කියූ ඔබේ මහින්ද චින්තන ඉදිරි දැක්ම නොව, එක පවුලක බළ පරාක්‍රමයක්˜ රැක ගැනීමේ හා තහවුරු කර ගැනීමේ නිර්ලජ්ඡිත ක්‍රියාවලියක් ලෙසය.


මේ ගහ කොළ, මේ පොළව ඔබගේය. එහෙත් ඒ සියල්ල ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබගේ මතු පරපුර වෙනුවෙන්ද රැකිය යුතුය. පාලකයා යනු ඔබගේ දරුවන්ගේ උරුමයේ හිමිකරුවා නොව තාවකාලික භාර කරුවාය˜. ලෙසින් ලියැවුනු ඔබශේ උත්තම තේමා පාඨය මතුරන්නට පුරුදුවී සිටි අපට සිදුවුයේ විධායක බලතල අතහැර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පෙරුම් පිරූ තාවකාලික භාරකරුවා වන ඔබ 18වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේ උපන් බිමේ සදාකාලික උරුම කරුවා වන්නට සැළසුම් කළ හැටි මුහුදෙන් එතෙර සිට බලා සිටින්නටය.


මානව නිදහස, සමාජ ආරක්ෂණය සහ ප්‍රජාතන්ත්‍රවාදය වැනි උතුම් ගුණාංග උපම ලෙස ජනතාවට ලබා දෙන්නට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව උත්සහ කරන ප්‍රංශය වැනි රටක ජීවත් වන අපි ඒවායේ ආනිශංස අත් දැකීමෙන්ම දන්නෙමු. ඊට සාපේක්ෂකව අපේ උතුම් මව් බිමට මේ සිදුවන්නේ කුමක්ද? අප නිතර දෙවේලේ සිතූ, අප පෙලු, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අපම හොර රහසේ ඛෙදා හදා ගත් වේදනාව එයයි.


අප මාතෘ භූමිය වෙලා ගත් 30 වසරක ත්‍රස්තවාදි යුද්ධය අවසන් කිරීමට දේශපාලන නායකත්වය ගත්තා පමණක් නොව ඊට ඍජුවම අණ දුන්නේද ඔබ බව සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරව පූර්වකය. ඉන් ලැබුනු කීර්තිය මේවන විටත් ඉතිහාසය තුල රන් අකුරෙන් ලියැවී තිබේ. නමුත් යුද්ධයේ ජය රැගෙන එන සියල්ලන් රට පාලනයේ විශිෂ්ඨයන් වෙතැයි ඉන් කියැවෙන්නේ නැත. ඔබට සිදුවුයේද එයමයි. දෙවන ලෝක යුධ ඉතිහාසය තුල එංගලන්තයේ ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් හා ලේබර් පක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලිගේ ජයග්‍රහානයෙන් පසු බල හුවමාරුව එයට හොදම සාක්ෂිය සපයයි. රට යුද්ධයෙන් මුදා ගැනීමට ඔබ නායකත්වය දුන්නද ඒ රට අයිති ඔබට පමණක් නොව, එහි අයිතිය ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් මැලේ ආදි සියලූ ජාතින්ට මෙන්ම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදි සියලූම ආගම් නියෝජනය කරන රට වැසියාටය.


නමුත් ඔබ ක්‍රියා කරන්නට වුයේ රට ඔබේ තනි අයිතියට ඇති තැනක් ලෙස සළකා බව වේදනාවෙන් වුවද කිවයුතුය. එදා පංච මහ බළවේගය පෙරටු කොට ගත් අපේ ආදරණිය පක්ෂය ඔබේ නායකත්වය යටතේ මේ මොහොත වනවිට නිර්මාණය කර ඇති පංච මහා ආශ්චර්යයන් වනුයේ ආසියාවේ කුඩු මධ්‍යස්ථානය වීමේ ආශ්චර්ය, ආසිායාවේ එතනෝල් මධ්‍යස්ථානය වීමේ ආශ්චර්ය, ආසියාවේ කැසිනෝ මධ්‍යස්ථානය වීමේ ආශ්චර්ය, ආසියාවේ සියදිවිනසා ගැනීමේ මධ්‍යස්ථානය වීමේ ආශ්චර්ය, සහ ආසියාවේ ස්ත්‍රී දුෂණ හා ගණිකා මධ්‍යස්ථානය වීමේ ආශ්චර්යයි.


ඔබ අපේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඔබේ අසීමිත විධායක බලය යොදා යටපත් කළේය. හිටපු අග විනිසුරුවරියවූ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරෙන් ඉවත් කිරීම එයට හොදම සාක්ෂිය වන අතර එවැනි උදාහරණ සිය ගනනකි.


විකල්ප ජන මාධ්‍යවේදීන් හා එම ආයතන තලා පෙලා කුඩුපට්ටම් කළේය.එවැනිදේ නිසා අපහසුතාවයට පත්වුයේ ඔබ වටේ සිටින හෙන්චයියන් නොවේ. අධිකරණයේ ස්වාධීනත්වය දිවි හිමියෙන් සුරකින බටහිර දියුණු රටවල සිට ඔබට සහයෝගය දැක්වූ අප වැනි පිරිස්ය. තවත් බොහෝ දේ ඇත්තේය. මේ සියලූ කරුණු සලකා බලා ඉතාම වේදනාවෙන් වුවත් ආදරණිය මව් බිම වූ ශ්‍රී ලංකාවත් , අපේ ආදරණිය දේශපාලන පක්ෂය වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇති අසීමිත ආදරය නිසාම ඔබේ මෙම දුෂිත පාලනයට එරෙහිව නැගී සිටි හතලිස් හත් වසරක් අඛන්ඩව අපේ ආදරණිය පක්ෂය නියෝජනය කළ එහි ප්‍රධාන ලේකම් වරයාවූ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට අපි තීන්දු කිරීම මේ මෙහොතේ අසාධාරණ තීන්දුවක් විය නොහැකිය.


අවසානයේ හොර බොරු වංචා දුෂණ වලින් තොර පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් පැවැත්වීම සදහා බළකෙරෙන උද්ඝෝෂණයක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීම හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඡිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් පැමිනි සියල්ලෝ කැමැත්ත ප්‍රකාශ කරමින් යෝජනා ස්ථීර කර ගන්නා ලදී.


ඒ සදහා ක්‍රියාකාරි කමිටුවට අජන්ත කල්දේරා, නාලක දේවේන්ද්‍ර, අඡිත් පෙරේරා, අඡිත් රණසිංහ, රෙක්සි, ඩේමියන් පීරිස්, වසන්ත ලොකුපතිරගේ, සම්පත් වර්නකුලසූරිය, රොහාන් දයාදර, සුනිල් හෙට්ටිආරච්චි, නිහාල්, පුෂ්පසිරිද අල්විස්, සුනිල් ගාමිණි යන මහත්වරුන් ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කර ගත්තේය.


පැමිණි සිටි සියල්ලෝ සුභ අනාගතයක් පතමින් පිවිතුරු හෙටක් බලාපොරොත්තුවෙන් විසිර ගියෝය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us