ජනාධිපතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් !

Published in පුවත්
Thursday, 18 December 2014 11:01

මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අභිබවා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනප්‍රියතාවය ඉහලයමින් පවතින බවට විවිධ ජනමත සමීක්ෂණ හා ආරක්ෂක බුද්ධි වාර්තා මගින් හෙලිදරව් වීමත් සමග ලැබිය හැකි පරාජය වලක්වා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අවදානය යොමුව ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

2010 ජනාධිපතිවරණයේ නොවූ ආකාරයට විවිධ ක්ෂුද්‍ර කණ්ඩායම් (Micro groups) රටපුරා ක්‍රම වෙනසක් සඳහා සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් මහජන මතය වෙනස් කරමින් සිටින බවත්, ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවල පවා මහජන මතය පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා බලපෑම් කරමින් සිටින බවත් බුද්ධි අංශ ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

ඉදිරි දින කීපය තුල තත්වය තවදුරටත් බැරෑරුම් වුවහොත් එජාප ප්‍රබලයකුට අගමැති ධුරය දී ඒ හරහා ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us