මහින්දට විපක්ෂ නායකකම

Published in පුවත්
Thursday, 18 December 2014 15:00

වරදක් කර ඇත්නම් නම් එය නීතියට භාර දෙනවා මිසක් පළිනොගන්නා බවත් වත්මන් ජනපතිටත් අවශ්‍ය නම් විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණිය හැකියි යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද(18) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේය.

විදේශ රටකට ගොස් දේශපාලන වෙනස්කම් කිරීමට සාකච්ඡා කළැයි කීම අසත්‍යයක් බවත්, සාකච්ඡා වලින් අඩක් පාර්ලිමේන්තුවේ ද ඉතිරිය ජනාධිපති මන්දිරයට හූවක දුරින්ද පැවැත්වූ බවත් සමරවීර මහතා කීවේය.

‘ප්‍රාජාතන්ත්‍රවාදීව මන්ත්‍රීවරයකුට ඇමැතිවරයකුට තීන්දුවක් ගැනීමේ අයිතියට බලපෑම් කරන්නට සමහරුන් කටයුතු කරනවා. මොහු විසින් ඒ ආයතනයේ ඇතැම් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් එකතු කරනවා. පොලිසියේ උසස් නිලධාරියකු විශ්‍රාම වයස පසුකලත් සේවා දිගු පහක් ලබා දී තිබෙනවා. ඔහුත් ඡන්ද වැඩ කරනවා. මේවගේ නිලධාරීන් නිසා පොලිසියට අගෞරවයකට පත් වෙනවා. අපේ රණවිරුවන් දේශපාලන පත්‍රිකා බෙදන තැනට පත් කරලා. කම්කරුවන් කරන වැඩත් කරවන්නේ හමුදාව ලවා'


රජය අද කතා කරන්නේ පරාජය ගැනමයි. මන්ත්‍රීවරයෙක් කිව්වා කටුනායකින් පැනලා යන්න බැරිනම් මත්තලින් යන බව. අපි ඉල්ලීමක් කරනවා රටින් පැනලා යන්න එපා. ලංකාවේ ඉඳගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනය කරන්න යනුවෙන් මංගල සමරවීර මහතා පැවසුවේය.

Last modified on Thursday, 18 December 2014 20:09

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us