'මඩතවාලු' යළි කුඹුරට

Published in පුවත්
Wednesday, 09 July 2014 19:32


එළඹෙන මාස් කන්නයේ සිට කෘෂි රසායන ද්‍රව යොදා නොගෙන රජරට කුඹුරු අක්කර පනස් දහසක් වගා කිරීම පිණිස ගොවීන්ට බිත්තර වී නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියකට විශේෂ ව්‍යාපෘති පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙයි.

විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ පැතිර යමින් පවතින වකුගඩු රෝගයෙන් අනාගත පරපුර බේරා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව, ව්‍යාපෘතිය මෙහෙයවන රජ රට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ශ්‍රී ලංකාවාසීන් විසි දෙනකුවත් දිනකට වකුගඩු රෝගයෙන් මිය යන බව විශ්වාස කෙරෙන අතර, රෝගයට හේතුව කෘෂි රසායන භාවිතය බව සනාථ වී ඇති බව, වෛද්‍ය චන්න ජයසුමන මහතා බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේය.

 


පාරම්පරික වී වර්ග

“ප්‍රශ්නය වී තිබෙන්නේ දැන් පාවිච්චි කරන වී වර්ග කෘෂි රසායන නැතිව වගා කරන්න බැහැ. කෘෂි රසායන නැතිව වවන්න පුළුවන් වන්නේ පැරණි වී වර්ග පමණයි. ඒ නිසා එවැනි පැරණි වී වර්ග ගොවීන්ට නොමිලේ බෙදා දී කෘෂි රසායන නැති ගොවිතැනක් ආරම්භ කිරීම ව්‍යාපෘතියේ අරමුණයි” වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කළු හීනැටි, මඩතවාලු, කුරුළු තුඩ වැනි කෘෂි රසායන අනවශ්‍ය පැරණි වී වර්ග ගම් කීපයක සුරැකී තිබුණ බව පවසන වෛද්‍යවරයා ඒවා ප්‍රචලිත කෙරෙන ව්‍යාපෘතිය මෙයින් කන්න හතරකට පෙර ආරම්භ කළ බවත් කියා සිටී.

 

බිත්තර වී

අක්කර කාලකින් පටන් ගත් එම වගා ව්‍යාපෘතිය මේ වනවිට අක්කර දෙදාහක් තරම් ව්‍යාප්ත වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එහි අස්වැන්න ඉදිරි මාස් කන්නයේ බිත්තර වී හැටියට බෙදා දීම වෛද්‍ය චන්න ජයසුමන මහතා අයත් ව්‍යාපෘතියේ සැලැස්මයි.

කෘෂි රසායන භාවිතය වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වී ඇති හෙයින් මෙම විකල්ප කෘෂි ව්‍යාපෘතිය එම රෝගය මුලිනුපුටා දැමීමට මාර්ගයක් වන්නේය යන්න වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ විශ්වාසයයි.

(බිබිසි සංදේශය )

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us