පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සියක් දිනෙන් අලුත් රටක් හි 11 වන පරිච්චේදය "අර්ථවත් හරවත් මාධ්‍ය නිදහසක්" යනුවෙන් නම්කොට ඇත.ඒ අතර මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා සිදු කරන යෝජනා රැසක්ද වේ. ඒ අතරින් එක් යෝජනාවකින් පැවසෙන්නේ නොමිලේ අන්තර්ජාලය ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙය ප්‍රසිද්ධ නගර ආසන්නයේ "වයි ෆයි හොට්ස් පොට්" සවි කිරීම මගින් සිදු කරන බව එම යෝජනාවේ වැඩිදුරටත් සදහන්වේ.