මහින්ද හැදුවේ බණ්ඩාරනායක මැතිණියටත් වඩා ඉහළින් ඉන්න

Published in පුවත්
Monday, 22 December 2014 14:56

රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇති වකවානුවක මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම උදෙසා තමන් නිදහස් පක්‍ෂයෙන් තාවකාලිකව එළියට ආවත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණු ජයගන්නා බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (21) අත්තනගල්ලේ පැවති ජන රැළිය අමතමින් ප‍්‍රකාශ කළේය.

‘‘බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී.ල.නි.ප ආරම්භ වුනත් එය විනාශ කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා උත්සහ කළා. මේ රටේ ශ‍්‍රී.ල.නි.ප වෙනුවෙන් ජීවිතය පිදූ දේපල අහිමි කරගත් අති විශාල පිරිසක් ඉන්නවා. මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයේදීත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවෙත් මම ජනතාව අරගෙන පාරට බැස්සා. ඒ නිසා මට බන්ධනාගාර ගතවෙන්න සිද්ධවුනා. මම කළ විරෝධතාවේ ප‍්‍රතිඵලය ලෙස ඒ යෝජනාව අහොසි වුනා.

වර්තමාන ජනාධිපතිවරයාට ඇතිව තිබූ විශාලම ප‍්‍රශනයක් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක නාමය බවත් . කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල වෙනුවට, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොලක් නිර්මාණය කළේ සහ මහින්ද රාජපක්‍ෂ වරාය යනුවෙන් නැව් නැති වරායක් නිර්මාණය කල අතර ඔහුට අවශ්‍යතාවය තිබුනේ බණ්ඩාරනායක මැතිණියට වඩා උසස් මට්ටමකට පැමිණ ඉතිහාස ගතවන්න යනුවෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ‍්‍රී‍්‍රි.ල.නි.ප කාර්යාලය හදන්න මුල් ගල තැබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පකිස්ථානයේ සිටි නිසා එතුමියට පැමිණෙන්න හැකියාවක් නොතිබුන නිසා උදෑසන සමරු ඵලකය විවෘත කරල මුල්ගල තියල වැඩ ආරම්භ කළා. සමරු ඵලකයේ තිරය විවෘත කළ විට, එහි සඳහන්ව තිබුනේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නම. එදිනම රාත‍්‍රියේ සමරු ඵලකය සහ මුල් ගල යන දෙකම අතුරුදහන් වුනා. මහින්ද රාජක්පෂ ශ‍්‍රී‍්‍රි.ල.නි. පක්ෂයට සැලකුවේ ඒ විදියට නාමල් රාජප්ක්ෂ දරුවා ශ‍්‍රී‍්‍රි.ල.නි.පයේ මූලස්ථානය ඉදිකිරීමට, මීට වසර තුනකට පෙර පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාවට ලෝකයේ ලොකුම පක්‍ෂ කාර්යාලය ලෙස එය නිර්මාණය කරන අකාරය ඉදිරිපත් කරා, නමුත් අදවනතුරු පක්ෂ කාර්යාලයක් නොමැත. සැප්. 26 වනදාට බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ ගුණ සිහිකිරීමට පැමිණි පසු මහින්ද රාජපක්ෂ හොරගොල්ල වෙත යන හැම කෙනෙක්ගෙම නාමලේඛනය මගෙන් ඉල්ලනවා.''

ජාතික සංවිධායක ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා වසර 2 ක් මෙම දිස්ත‍්‍රික්කයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කලත් නිදහස් පක්‍ෂයට එකම සමාජිකයේක්වත් බඳවාගෙන නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

සමෘද්ධිමත් පාලනයක් සඳහා රාජපක්‍ෂ පාලනය ඉවත් කල යුතු බවත් සමෘද්ධිමත් පාලනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට මෛත‍්‍රී පාලනයක් තුළ කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us