ලසන්තටත් යන්න හිතිලා..

Published in පුවත්
Monday, 22 December 2014 16:47

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා,නිවාස සහ පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සිව්දෙනෙක් මේ සතිය ඇතුලත විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරමින් විපක්ෂයට එක්වන බව nowshowing.lk වෙබ් අඩවිය සඳහන් කරයි

ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමතිවරයා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඇයගේ සමීපතමයකු වන අතර ඔහු සමග ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සාකච්ඡා පවත්වන අනෙක් තිදෙනාද ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන් වේ.

මෙම පිරිස විපක්ෂයට එක්කර ගැනීමේ සාකච්ඡා මෙහෙයවනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා විසින් බව පැවසේ. ජාගොඩ මහතා විමල් වීරවංශ ඇමැතිවරයා සමග ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්ව කලක් ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයකුව සිටියකු වන අතර ඔහු මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

අචල ජාගොඩ මහතා ආර්ථික සංවර්‍ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයකු ලෙස සැලකෙන අතර මේවන විට බැසිල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලින් ඉවත්ව සිටී. එමෙන්ම ඔහු සම්බන්ධ පුවත් පළ කිරීම අත් හි‍ටුවීමට රාජ්‍ය මාධ්‍ය ආයතනවලට උපදෙස් ලැබී තිබුණු බව අප පසුගියදා වාර්තා කර සිටියෙමු.

Last modified on Monday, 22 December 2014 16:52

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us