හමුදාව යුද්ධ කරන්නේ නැතුව දැන් කරන වැඩේ ගෝඨාබය කියයි

Published in පුවත්
Tuesday, 23 December 2014 10:46

අද ඇතැමුන් කියනවා  ආරක්‍ෂක හමුදාව ලවා කාණු කප්පවනවා, පිඟන් හෝදවනවා කියලා. එහෙම බාල්දු කිරීමකට කිසිදු ආරක්‍ෂක අංශයක පිරිසක්‌ අපි යොදවලා නැහැ. මේ රටේ ජාතික අවශ්‍යතාවන් සඳහා පමණක්‌ යොදවා තිබෙනවා. 

අද අනුරාධපුරයේ, පොළොන්නරුවේ ත්‍රිකුණාමලයේ ඇතිවී තිබෙන ගංවතුර තර්ජන වලදී විපතට පත් අයට උපකාර කරන්නේ හමුදාව. ඒ අයගේ ජීවිත බේරාගන්නේ අද හමුදාවේ රණවිරුවන් යැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (22 වැනිදා) කතරගම වැඩිහිටිකන්ද රාජමහා විහාරයේ පැවැති උත්සවයේදී පැවැසීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා,
 
යුද්ධය අවසන් කරලා දැම්මත් රටේ ජාතික ආරක්‍ෂාව සඳහා යුද හමුදාවේ රැකවරණය රටට අවශ්‍යයි. මුදාගත් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා තවමත් හමුදා කඳවුරු රැසක්‌ පවතිනවා. රටක ජාතික ව්‍යසනයකදී උපකාර කරන්නේ හමුදාව.
 
පොළොන්නරුවේ පාසල් 14 ක්‌ යුද හමුදාව මගින් ඉදිකර තිබෙනවා. මේ මගින් විශාල වියදමක්‌ රජයට ඉතිරි කිරීමට හැකි වුණා. පසුගිය යුද්ධයෙන් පස්‌සේ නාවික හමුදාවට 10,000 ක්‌ බඳවා ගත්තා. මේ අය අතර මේසන් බාස්‌ලා, විදුලි කාර්මිකයන්, වඩු කාර්මිකයන් ඇතුළත් වෙනවා. මේ අය රටේ සංවර්ධනයට එක්‌වී රට ගොඩනගන්න උපකාර කරනවා. යුද්ධයෙන් පස්‌සේ යුද හමුදාවට 25,000 ක්‌ බඳවා ගත්තා. විවිධ විදේශීය බලවේගයන් අපේ හමුදාවට එරෙහිව කුමන්ත්‍රණ කරනවා.
 
යුද්ධයෙන් පස්‌සේ වසර 30 ක්‌ පුරා යුද මානසික තත්ත්වයෙන් පසුවූ අපේ හමුදාවන් මගින් රටේ සංවර්ධනයෙන් තොරව තිබුණු විහාරස්‌ථාන සංවර්ධනය කරමින් පවතිනවා. මේ මගින් හමුදාවේ අයගේ මානසික සුවය ඇති කරනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර තිබුණු පන්සල් 600 ක්‌ පමණ මේ වන විට සංවර්ධනය කර තිබෙනවා. 
 
රටේම ගත් විට 5000 ක්‌ පමණ විහාරස්‌ථානවල තිබුණු අඩුපාඩු නාවික හමුදාව, යුද හමුදාව ගුවන් හමුදාව, සිවිල් ආරක්‍ෂක භටයන් විසින් සම්පූර්ණ කර තිබෙනවා. අපෙන් බොහෝ පිරිසක්‌ ඇහැව්වා දැන් යුද්ධය ඉවරයි, ඇයි මේ තරම් හමුදාවක්‌ තියන් ඉන්නේ අඩු කරන්න කියලා. සිවිල් ආරක්‍ෂක අංශයත් ඉවත් කරන්න කියලා සමහරු කිව්වා. නමුත් ජනාධිපති කිව්වා යුද්ධය ජයග්‍රහණයට කැපවූ කිසිදු අයකු ඉවත් නොකරන ලෙස. අද මෙම පිරිස්‌ ජාතිය ගොඩනැගීම පිණිස විශාල දායකත්වයක්‌ ලබාදෙනවා. 
 
මේ අතර විහාරස්‌ථානවල හිමිවරුන් අපේ රටේ පවතින විහාරස්‌ථානවල අඩුපාඩු මට පැවසුවා. ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යුද්ධයෙන් විනාශ වූ කෝවිල් පල්ලි බෞද්ධ සිද්ධස්‌ථාන නැවත සංවර්ධනය කර රටට දායාද කිරීමට රණවිරුවන් ක්‍රියා කළා. මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයට ලබාදෙන උපදෙස්‌ මත මෙම ක්‍රියාවන් සිදු කරමින් පවතිනවා.
 
ඩෙංගු වසංගතය මගින් ජනතාව බේරා ගන්න මූලිකව ක්‍රියා කළේ හමුදාව. මෙයට අමතරව නාය යැම් වැනි ව්‍යසනයන්හිදී හමුදාවේ දායකත්වය ඉතාම ඉහළින් ලැබුණා. යුද්ධයෙන් පස්‌සේ අපි හමුදාව රටේ ජාතික අවශ්‍යතාවන් සඳහා පමණයි. යොදවනු ලැබුවේ. අනුරාධපුරේ සඳහිරු සෑය විශාල ව්‍යාපෘතියක්‌. මෙයට පූර්ණ සහය දුන්නේ රණවිරුවන්. මෙය හැර ත්‍රිවිධ හමුදාව වෙනත් කිසිදු දෙයකට යොමු කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය ක්‍රියාකාර නැහැ. රටේ ජාතික ආරක්‍ෂාව පිණිස සිටින හමුදාවෙන් වැඩි පිරිසක්‌ යොදවා තිබෙනවා. ඉතුරු අය තමයි ජාතිය ගොඩනැගීම සඳහා යොදවා ඇත්තේ. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us