අපේ සහය මහින්දට, මුස්තාපා පුලුවන්නම් ආණ්ඩුවෙන් යනු

Published in පුවත්
Tuesday, 23 December 2014 15:39

තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට හැකිනම් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී විපක්ෂයට එක්වන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥාණසාර හිමියෝ අභියෝග කරති. මීට පෙර කිහිප වතාවකදීම මුස්තාපා මහතා පවසා තිබුණේ බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

පසුගියදා බොදුබල සේනා සංවිධානය ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි මැතිවරණයේදී තම සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන බවයි. ඒ අනුව ඥණසාර හිමියන් දැන් මුස්තාපා මහතාට අභියෝග කරනුයේ සිය ස්ථාවරය අනුව යමින් විපක්ෂයට එක්වී පෙන්වන ලෙසයි.

ෆයිසර් මුස්තාපා මහතා පසුගිය මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කොට පාර්ලිමේන්තුවට තේරී පත්ව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත්තෙකු වන අතර මේ වන විට ශ්‍රීලනීප මැද කොළඹ සම සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.

කෙසේ නමුත් මුස්තාපා මහතාට සමිප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ඔහු සූදානම් වන බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us