සන්ධාන මැතිවරණ ප‍්‍රචාරණය බංකොලොත් ,බොරුවෙන් දිනන්න හදනවා

Published in පුවත්
Wednesday, 24 December 2014 13:12

වර්තමාන ආණ්ඩුව විසින් ව්‍යාජ අයුරින් සකස් කරන ගිවිසුම් ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) මාලඹේ පැවති ජන රැළියක් අමතමින් පැවසීය.

 
‘‘ව්‍යාජ ලෙස සකස් කළ ගිවිසුම් යොමු කර ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වල බංකොලොත් භාවය ප‍්‍රකාශ කරයි. රනිල් වික‍්‍රමසිංහ මහතා හා මම අතර කිසිම ගිවිසුමක් විවෘත්තව හෝ රහසිගතව අත්සන් කරලා නෑ. පක්ෂ හා සංවිධාන 47 ක් සමග කළ දින 100 වැඩපිළිවෙළ සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පමණයි සිදු කළේ. වර්තමාන පවතින නීති විරෝධී කටයුතු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස වැනි දේවල් ආරක්ෂා කිරීමට කිසිම ගිවිසුමක් නොමැතිව ආණ්ඩුවෙන් ඉවත් වුනේ. ආණ්ඩුවේ සිට වංචා දූෂණ ගැන කතාකිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිම ඉඩක් ලබා නොදෙන නිසා. සරත් ෆොන්සේකා මහතා ත‍්‍රස්තවාදය අවසන් කළා. රණවිරුවන් ව්ශාල පිරිසක් ජිවිත පූජා කළා. එහෙත් මේ රටේ නිදහස, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව තිබෙනවා.
 
මේ රටට අවශ්‍ය වන්නේ ජනතා නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ආණ්ඩුවක්. නීතිය සාමය රකින පොලිස් දෙපාර්තුමේන්තුවක්. රටට පැහැදිලි පදනමක් ඇති ආණ්ඩුවක් තිබිය යුතුයි. මේ රටේ දුගීභාවය වැඩිවෙලා. සංවර්ධනය සුන්දරත්වය පිටුපස 40% ජනතාවට තුන්වේලම ආහාර ගන්න අවශ්‍ය වටපිටාව සැකසිලා නෑ. පෞද්ගලික අංශයේ සේවකයින්ට සුරක්ෂිතතාවයක් නෑ. සදාචාරය එක අතකින් පිරිහිලා. මේ රට තුළ රාජ්‍ය නායකයින් ගණනාවක් සිටියා. එහෙත් කිසිම නායකයෙක් මේ තරම් අසීලාචාරව හැසිරිලා නැහැ. 
 
මාතෘත්වයට අගෞරව කරනවා. ශිරානි බණ්ඩාරනායක මහත්මියට බොරු චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර ඉවත් කළේ අරලියගහ මන්දිරයේ සිට අලූත්කඬේ උසාවියට දුරකථන ඇමතුමක් ලබා දී නඩු තීන්දු වෙනස් කරන්න බැරිවුන නිසා. අද වෙද්දී මේ වාතාවරණය නිසා තුනෙන් දෙකක බලයක් වර්තමාන ආණ්ඩුවට නැති වෙලා තිබෙනවා. පක්ෂයේ සියලූ දෙනා නිහඩ වෙලා තියනවා. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව තුළ නෑ.
 
මෛත‍්‍රි පාලනයක් තුළ සදාචාර සම්පන්න දුගීභාවයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඇමති මණ්ඩලයට, පොලිසියට, අධිකරණයට, ත‍්‍රිවිධ හමුදාවට ස්වාධීනව ගෞරවාන්විතව රැකියාව කරගැනීමේ හැකියාව තිබෙනවා. අල්ලස් දූෂණ කොමිෂන් සභාවට නිලධාරින් ජනාධිපතිවරයා පත් කළත් එයට කුමන හෝ පරීක්ෂණයක් යොමු වූ විට නිලධාරීන් මාරු කරන්නට මහින්ද රාජපක්ෂ මහතාම යොමු වන බව ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙහිදි ප‍්‍රකාශ කළහ.
 
මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මතට තිත’’ වැඩපිළිවෙල 2015 වර්ෂයේදී අවසන් වීමට නියමතය. නමුත් කිසිඳු තැබෑරුමක් නවතා දැමීමට මොහු කටයුතු කරලා නෑ. සංචාරක කර්මාන්තය නමින් අද වර්ධනය කරන්නේ ගණිකා මධ්‍යස්ථාන. කැසිනෝ රටෙන් ඉවත් කරන්න ඔහු උත්සහ කලේ නෑ. කැසිනෝ ඉවත් කිරීමට නොහැකි නම් කොළඹ නගරයෙන් වෙනත් ස්ථානයකට  ගෙනයාමට යෝජනා වුනත්, එය එසේ සිදුවුනෙත් නෑ. 
 
ලෝකයේ රටවල පවතින කැසිනෝ සම්බන්ධ නීතිවත් මේ රටේ ස්ථාපනය කරලා නෑ. දේශීය ව්‍යාපාරිකයින් බොහෝ ප‍්‍රමාණයක් මේ කැසිනෝ ජාවාරම නිසා බංකොලොත් භාවයට පත්වෙලා. 2013 අපේ‍්‍රල් 9 වන දින පාර්ලිමේන්තුවට විශේෂ ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කරා සංවර්ධනයකට කැසිනෝ ඇතුළත් කරගන්න. ඒ කිසිම දෙයක් ජනතා යහපතට සිදු වුනේ නෑ. 
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් වූ පසු කැසිනෝ සම්බන්ධ පනත් ඉවත් කරනවා. මේ වන විට වකුගඩු රෝගයෙන් ලක්ෂ දෙකක් පමණ පීඩා විදිනවා. රජරට ප‍්‍රදේශයේ පමණක් 15% එය ඇතිව තිබෙන්නේ වත්මන් රාජ්‍ය පාලනය විසින් පොහොර සහ කෘමිනාශක භාවිතය වැඩිකළ නිසා. 
 
ලංකාව තුළ පරීක්ෂණ සිදුකළ නොහැකි නිසා මැලේසියාවේදී කළ පරීක්ෂණ වලදී එය තහවුරු වුනා. අද වන විට ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරුන් පවා  කාන්තාවන් දූෂණය කර පාටි දානවා. ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට විරුද්ධවවත් විනය පරීක්ෂණ සිදු කරන්නේ නෑ. 
 
මත්ද්‍රව්‍ය උවදුර නිසා වසරකට 20,000 ක් පමණ මිය යනවා. දුම්වැටි නිසා රජයට  ලැබෙන  බදු අදායම බිලියන 50 ක්. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති ලෙස දුම්වැටි වලට 80% රූපමය අවවාද යොදන්න පනතක් ගෙනාවත්, එය සම්මත කලේ නෑ. මේ සියලූ කටයුතු සලකා බලමින් ප‍්‍රායෝගිකව මෛත‍්‍රි පාලනයක් තුළ යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍ර වාදය ඇති කිරීමට කටයුතු කළ හැකිය’’

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us