මේක සිංහයාද වෘකයාද, බැටළුවෝ තීරණය කරණ මැතිවරණයක්

Published in පුවත්
Thursday, 25 December 2014 16:47

මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව සහෝදරයා පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය.එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.


"ජන කතාවක තියනවා,කැලේ රජා තෝරගන්න සත්තු අතර තිබුණ ඡන්ද විමසීමක් ගැන.කැලේ රජා වෙන්න ඉදිරිපත් වුණේ සිංහයයි වෘකයයි.සිංහයා කිව්වා මේ බලන්න මගේ කේසරවල ලස්සන...බලන්න ඇගේ රත්තරන් පාට මං වගේ රජෙක් හිටියොත් ඕගොල්ලන්ට ආඩම්බර වෙන්න පුළුවන් කියලා.වෘකයා කිව්වා මට තියෙන්නේ ප්‍රබල කටහඩක් හතුරෙක් ආවොත් කැ අගහලා හරි ඔබව බේරගන්න මට පුළුවන් කියලා.

මේ දෙන්නාගෙන් කෙනෙකුට ඡන්දෙ දෙන්න ඡන්දදායකයො විදිහට හිටියේ හාවෝ මුවෝ බැටළුවෝ වගේ අය. ඇත්තම ප්‍රශ්නෙ තිබුණෙ සිංහයාගේ ලස්සනවත් වෘකයාගේ කටහඩ ගැනවත් නෙමෙයි. ප්‍රශ්නේ මේ දෙන්නම අනෙක් සත්තු මරාගෙන කන අය වුණ එක.අන්තිමේ දි සත්තු කවුරු රජ වුණත් තමන් රජාට ගොදුරු වෙන ඉරණමකට වැටිලා හිටියා.


මේ ජනාධිපතිවරණෙත් ඒ වගේ.මහින්ද අධිරාජ්‍ය විරෝධයක් ගැන කියනවා,මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියනවා.නමුත් දෙන්නම ඉදිරියට ගෙනියන්නේ අධ්‍යාපනය,සෞඛ්‍ය වගේ සමාජ ආරක්ෂණ සේවා වෙළෙන්ඳ භාණ්ඩ කරන ඒ සියලු බර ජනතාව මත පටවන ස්වාභාවික පරිසරය-මිනිස් ශරීරය පවා මිළ කරන-විකුණන කොල්ලකාරී ආර්තික ප්‍රතිපත්තියක්.ඒ බව දෙන්නාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ම පේනවා.මේ වඩපිළිවෙල අධිරාජ්‍යවාදීන්ගේ වඩපිළිවෙලමයි.

මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න වෙනවා.ඒ හින්දා ජනාධිපතිවරණ වේදිකාවේ දී ලස්සන වචන හුවමාරු වුණාට දෙන්නම මරාගෙන කන්න හදන්නේ ජනතාව.හාවෝ,මුවෝ,බැටළුවෝ වගේ ඉන්න ජනතාව වෘකයන්ගේ සිංහයන්ගේ දේශපාලනය වෙනුවට තමන්ගේ පන්තියේ දේශපාලනය තෝරගන්නකන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කාගේ ගොදුරක් වෙනවද කියලා තෝරගන්න තියන නිදහස විතරයි.වමේ විකල්පයක් ඕන වෙන්නේ වමේ බලයක් ඕන වෙන්නේ ඒ තත්වය වෙනස් කරන්න"

 

Last modified on Thursday, 25 December 2014 16:52

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us