මුතුහෙට්ටි රට පනියි

Published in පුවත්
Friday, 26 December 2014 12:05

අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.

රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පෙරේදා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.

හිතවතුන් දෙදෙනෙකු සමග තමන් දෙදින නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට ගිය බවත්, මැතිවරණය තෙක් රැඳී නොසිටින බවත්, අධිකරණ නියෝගයට ගරු කරන බවත්, මුතුහෙට්ටිගම මහතා අප වාර්තාකරු සමග පවසා තිබේ.

පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සමග ඇතිවූ මානසික ව්‍යාකූලතාවය නිසා තමන් මෙලෙස විදේශ ගතවූ බව මුතුහෙට්ටිගම කියයි.

වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එල්ල වී ඇත.

මෙකී චෝදනා සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් මුතුහෙට්ටිගම මහතා ළඟ සේවය කළ තිදෙනෙකු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණ.

අනතුරුව අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමතිගේ ආරක්ෂකයින් තිදෙනා ද රිමාන්ඩ් කෙරුණු අතර ඔවුන් පෙරේදා බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු ඇප මත නිදහස් විය.

කෙසේ වෙතත් අදාළ නඩුව යළි දෙසැම්බර් මස 29 දින කැඳවන බවත්, එදිනට නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවටත් පොලිස්පතිවරයා මගින් මෙම දැනුවත් කිරීම කර තිබුණි.

(adaderana)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us