මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පාපොච්චාරණයක්

Published in පුවත්
Friday, 26 December 2014 12:32

තිස්ස අත්තනායක මහතා මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ අත්සන් කළා යැයි කියා ව්‍යාජ අත්සන සහිත කූඨ ලේඛනයක් ඉදිරිපත් කොට ඇති බවත් .
එය ජනාධිපති මැතිවරණ පනතේ 83 වන වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග‍්‍රහයෙන් 452 වගන්තිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත්
නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ රටේ ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණ සම්බන්ධ නීති කරුණු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමක් නොව පාපොච්චාරණයකි.

උදාහරණය ලෙස 18 වැනි පිටුවේ මෙසේ සඳහන් ය. ‘‘සංවර්ධන ක‍්‍රියාවලිය ප‍්‍රසාරණය වීම සම`ග යහපාලනය පිළිබඳව නව මානයකින් සලකා බැලීමට අපට සිදුවී තිබේ. එම නිසා යහපාලනය ල`ගාකරගැනීමේ අරමුණින් පිහිටුවා ඇති ආයතන වල පවතින දුර්වලතා අධ්‍යයනය කොට එම ආයතන ප‍්‍රතිසංස්කරණය කිරීමට කාලය එළඹ ඇතැයි අපි විශ්වාස කරමු’’ යැයි සඳහන්ය. දෙයියෝ සාක්කි! අවුරුදු 10ක ඉඳලා යුද්ධයෙන් පසු අවුරුදු 5 ක් ඉඳලා තමයි එහෙම කියන්නේ.

මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මතට තිත ගැනත් කියනවා. අයි.පී.එස්. හා මත්ද්‍රව්‍ය නාශක ආයතනයේ වාර්තා අනුව 2009 සිට 2013 තෙක් රටේ මධ්‍යසාර භාවිත වීම සියයට 184 කින් නැගලා. කුඩු භාවිතය 2009-2013 දක්වා කාලය තුල 44% කින් වැඩිවෙලා. මෙහෙම වෙන්නේ ඇයි? රටට එතනෝල් හා කුඩු ගෙන්වන්නේ ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන්.

මෛත‍්‍රී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ක්ෂේත්‍ර 11ක් ඔස්සේ හොඳ න්‍යායාත්මක පදනමක පිහිටා ඉදිරිපත් කොට තිබෙනවා. එහි ඕනෑම කාරණයක් පිළිබඳව විවෘත විවාදයකට අපි සූදානම්. අපි අභියෝග කරන බව ශිරාල් ලක්තිලක පවසයි.

Last modified on Friday, 26 December 2014 12:54

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us