මහර බන්ධනාගාරයේ සිට රට වටේ කප්පම් ගනිති

Published in පුවත්
Friday, 11 July 2014 11:05

පොලිසියෙන් සහ පාතාල කල්ලිවලින් බව කියමින් රටපුරා ව්‍යාපාරිකයන්ට, ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් තර්ජනය කර රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගන්නා මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් පිරිසක්‌ පිළිබඳ තොරතුරු හෙළිකරගත් කොළඹ අපරාධ කොට්‌ඨාසය ඊට සම්බන්ධ කාන්තාවක්‌ද අත්අඩංගුවට ගෙන ඇත.



ව්‍යාපාරිකයන්ට සහ ධනවත් පුද්ගලයන්ට තර්ජනය කිරීම සඳහා මෙම සංවිධානාත්මක කල්ලිය යොදාගත් ජංගම දුරකථන දෙකක්‌ සහ සිම් කාඩ්පත් පහක්‌ද මහර බන්ධනාගාරයේ සිර මැදිරියක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පාතාල ලෝකයේ අපරාධකරුවන් සහ පොලිසියෙන් බව කියමින් තමන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ඉල්ලන බවට කොළඹ හ අවට ප්‍රදේශවල පදිංචි ධනවත් පුද්ගලයන් පහළොස්‌ දෙනෙකුගෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණිලි ලැබී ඇත.

ව්‍යාපාරිකයන්ට ඇමැතුම් ලබාදුන් දුරකථන අංක ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ඇමතුම් ලැබෙන්නේ මහර බන්ධනාගාරයෙන් බව හෙළිකර ගෙන ඇත.

ඒ අනුව පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ධනවත් පුද්ගලයන්ට තර්ජනය කර ඔවුන් ලවා බැංකු ගිණුම් වල තැන්පත් කර ගන්නා මුදල් මහර බන්ධනාගාරයේ සිටින අපරාධකරුවන් ගෙන්වා ගන්නේ මෙම කාන්තාවගේ මාර්ගයෙන් බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාවගෙන් අපරාධ කොට්‌ඨාසය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මෙම කප්පම් කල්ලියට සම්බන්ධ මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ද නීතියේ රැහැනට නතුකර ගැනීමට නියමිතය.

Last modified on Friday, 11 July 2014 11:15

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us