සජීවී විවාදය ගම්මන්පිල මඟ හරී Featured

Published in පුවත්
Saturday, 27 December 2014 08:48

ජාතික හෙළ උරුමය සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හෙළ උරුමය කළ අභියෝගය උදය ගම්මන්පිල මහතා බාර ගැනීමත් සමග එම විවාදය ලබන සඳුදා (29දා) පස්‌වරු 9.30ට ටී.එන්.එල්. රූපවාහිනී නාළිකාව තුළිත් පැවැත්වීමට එම රූපවාහිනි නාළිකාව කැමැත්ත පළ කර තිබේ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභික හා පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ අනුරුද්ධ ප්‍රදීප් මහතා මෙම විවාදය සඳහා සහභාගි වන බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

ඒ අනුව පූර්ව කොන්දේසි පැනවීමකින් තොරව මෙම විවාදයට පැමිණෙන ලෙස ජාතික හෙළ උරුමය උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් දීවයින පුවත්පත කළ විමසීමකදී ලබන සඳුදා(29දා) තමන්ගේ දින පොතේ යොදාගත් වැඩ අනුව මේ සඳහා සහභාගි විය නොහැකි බව කියා සිටියේය. ලබන ජනවාරි 02වැනිදා පෙරවරුවේ මෙම සංවාදය පටිගත කර ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාවට හැකි දිනක එය විකාශය කරන ලෙස තමන් එම රූපවාහිනි නාළිකාවට දැනුම්දී තිබෙන බව කියා සිටියේය.

 

එහෙත් උදය ගම්මන්පිල මහතා මිට දිනකට පෙර කීවේ වෙනත් කතාවකි.

ජාතික හෙළ උරුමය මාධ්‍ය ප්‍රකාශක හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් එම පක්‍ෂයෙන් ඉවත්ව ගිය බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි කළ ඇරයුම උදය ගම්මන්පිල මහතා විසින් බාර ගත්තේය.

ඒ සම්බන්ධ නිවේදයක් නිකුත් කරමින් පැවැසූවේ, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් තීරණය කරන ඕනෑම ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක එම විවාදය කිරීමට තමන් සූදානම් බවය.

විවෘත සංවාදයකට ඇරයුම් කළේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වන බැවින් එම සංවාදය සඳහා පූර්ව කොන්දේසි පැනවීමෙන් හෝ එදිනට අසනීපවීමෙන් හෝ වෙනත් හදිසි කාරණයක්‌ යෙදීමෙන් විවාදය මග නොහරින මෙන්ද උදය ගම්මන්පිල මහතා වර්ණසිංහ මහතාගෙන් ඉල්ලා සිටීයේය.

Last modified on Saturday, 27 December 2014 09:02

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us