හකීම් රෑට රෑට ගෙවල්වලට රිංගයි

Published in පුවත්
Saturday, 27 December 2014 13:09
මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ දිනවල එම පක්ෂයේ ප්‍රාදේශිය නායකයන් හමුවෙමින් ජනධිපතිවරණයේදී ගත යුතු පැත්ත ගැන පෞද්ගලිකව කරුණු විමසමින් සිටින බව වාර්තාවේ. පසුගිය දින කිහිපයේදීම රාත්‍රී කාලයේදී  මෙලෙස පළාත් කිහිපයකම නායකයන් හමුවීම සඳහා ඔහු යොමු වී තිබිණි.
 
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මේ දක්වා එළඹෙන ජනාධිපතිවරණේදී එම පක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කවර අපේක්ෂකයකුටදැයි  නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත. එහෙත් එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පසුගියදා තීරණය කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබා දිය යුතු බවය. එමෙන්ම ඒ පක්ෂ නායකයාට අවසන් තීරණය ගැනීමේ බලයද පවරණු ලැබ තිබේ. 
 
කෙසේ නමුත් හකීම් මහතා තම තීරණය දැනුම් දීම දිගින් දිගටම අතපසු කරමින් සිටී. ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා කොතෙකුත් සාධාරණ කරුණු තිබුණද ඔහු එම තීරණය නොගන්නේ කවර හේතුවක් මතද යන්න ගැන මුස්ලිම් ප්‍රජාවේ ගැටලුවක් බවටද පත්ව තිබේ.  නමුත් මුස්ලිම් ජන කොටස් අතර පවතින්නේ නායකයන් කවර තීරණයක් ගත්තත් පවතින රජය පෙරළා දැමීමට තමන් තීරණය කර ඇති බවට වන මතයකි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us