අනාථාධාර බෙදීම ජනාධිපතිට පමණයි ! අසරණ ජනතාව කබෙලෙන් ලිපට.

Published in පුවත්
Saturday, 27 December 2014 15:01

ගංවතුර නිසා විපතට පත්ව පොළොන්නරුව, ලංකාපුර, විජිත මහ විද්‍යාලයේ හා අටළුගම විද්‍යාලයේ පිහි‍ටුවා ඇති කඳවුරුවල සිටින අසරණ වූ ජනතාවට වියලි සලාක බෙදා දීමට ගිය පිරිස් වලට ඊට ඉඩ ලබා නොදීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

අද උදෑසන මෙම පිරිස වියලි සලාක ‍රැගෙන මෙම කඳවුරු දෙකට ගිය විට පවසා ඇත්තේ අද උදැසන ජනාධිපති මහින්ද රාජපක්ෂ ආධාර බෙදීම සඳහා පැමිණෙන නිසා වෙනත් කිසිවකුට ආධාර බෙදාදීමට ඉඩලබා දිය නොහැකි බවය. ජනාධිපතිවරයා ආධාර බෙදා දී ගිය පසුව ඔවුන්ට ආධාර බෙදාදිය හැකි බව ද පසා ඇතිමුත් පසුව දහවල් 12,30 ට පමණ දැගැනීමට ලැබී ඇත්තේ ජනාධිපතිවරයා නොපැමිණෙන බවය. එසේම ජනාධිපතිවරයා අතින් බෙදාදිමට ගෙන ආ ආධාර තොගයද ආපසු ‍රැගෙන ගොස් තිබේ.

ඔහුගේ ආරක්ෂාව හා පරිවාර කණ්ඩායම් ඉවත්ව ගිය පසුව කඳවුරබාර ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් තමන් රැගෙන ආ ආධාර බෙදාදීමට අවස්ථාව ඉල්ලා සිටියද ඔවුන් පවසා ඇත්තේ කිසිවකුට ධාර බෙදාදීමට ඉඩ ලබා නොදෙන ලෙසට තමන්ට නියෝගයක් ලැබී තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස දැක්වූ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ සොහොයුරකු වන කුමාරසිංහ සිරිසේන මහතා පැවසූවේ මේවන විට කිසිදු ආධාරයක් නොලැබීම නිසා දහස් ගනනක අසරන ජනතාවක් පොළොන්නරුවේ සිටින බවය. මෙලෙස ආධාර බෙදාදිම තහනම් කිරීම මිනිස්කමට නිගා දෙන තුච්ඡ කටයුත්තක් බවය.

Last modified on Saturday, 27 December 2014 15:04

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us