මලික් , චන්ද්‍රිකාගේ රහස් ජනාධිපතිට කිව්ව බව මව්බිම කියයි

Published in පුවත්
Monday, 29 December 2014 09:15

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපුසභාපතිවරයකු මෙන්ම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අති සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රම මහතා පෙරේදා (27දා) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ විනාඩි 20ක පමණ දුරකතන සාකච්ඡාවක් පවත්වා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ බොහෝ රහස් ජනාධිපතිවරයා වෙත හෙළිකොට ඇති බව දැනගන්නට තිබෙන බව රාජපක්ෂ පවුල් ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

මලික් සමරවික්‍රමට ජනාධිපතිවරයා විසින් දුරකතන ඇමතුමක් ලබාදීම සත්‍ය පුවතක් විය හැකි නමුදු විපක්ෂයේ රහස් ලබා දුන් බවට කරන සටහන විකාර සහගතය. මේ පුවතට අනුව චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් කරනු ලබන රහසිගත වැඩ ඔහු හෙළි කර තිබේ. ඇය සමඟ ගනුදෙනු කරන ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක්ද ඔහු ලබා දී තිබේ.

ජනාධිපතිවරණයට තව ඇත්තේ දින දින 10කි.. මේ වන විට ජනතා කැමැත්ත තීරණය වී හමාර බවට සැකයක් නැත. ඒ යළි ආපසු වෙනස් කළ හැකි කිසිවක් ඉතිරිව නැති බවත් පැහැදිලිය. මන්ද මෙවර ජනතාව තීන්දුවක් ගත්තේ විපක්ෂයේ දේශපාලන පක්ෂවල සෘජු බලපෑමෙන් නොවේ. එය ජනතාව ස්වෙච්ඡාවෙන් ගත් තීරණයක් ලෙස ඇතිවී තිබෙන තත්වයක් බව හැඳින්විය හැකිය. විපක්ෂයේ හරි යමන් ප්‍රචාරක යාන්ත්‍රණයක්, ජතාවට කරුණු කරණා පැහැදිලි කිරීමේ විශිෂ්ට වැඩපිළිවෙලක් නොමැති තත්වයක් තුල රාජපක්ෂ පාලනය අවසන් කරන්නට ජනතාව පෙළ ගැසී සිටින අයුරෙන් ඒ පැහැදිලිය. 1994 දී ද තිබුණෙ මෙවැනි තත්වයකි. අද තිබෙන විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයාද  රාජපක්ෂ පවුල් ආණ්ඩුව පැරදවීම සඳහා විපක්ෂයට එක්වීමය. ඒ අනුව රාජපක්ෂ ආණ්ඩුව දැන් කවර මට්ටමේ පියවරක් අනුගමනය කළත් ජන මනස වෙනස් කිරීම කළ හැකිවන්නෙ නැත.

එහෙත් මෙම මවබිම මඩ පුවතෙන් කෙටි කලකට ජනාධිපතිවරයාව ‍රැවටීමට ටිරාන් අලස්ට හැකියාවක් නම් ඉතිරිව තිබේ.

 

මෙම පුවතේ මෙසේද සඳහන් වී තිබේ

"..පෙරේදා (27දා) උදෑසන 9.35ට පමණ ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිරයේ රැඳී සිටියදී මලික් සමරවික්‍රම මහතා මෙම දුරකතන ඇමතුම ජනාධිපතිවරයා වෙත ලබාදී තිබේ. සමරවික්‍රම මහතාගේ මෙම දුරකතන ඇමැතුම ලැබෙන විට එක්සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනි චිත්‍රා මන්තිලක මහත්මියද ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා සිය ආධාරකරුවන් සමඟ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ සිටි බවද දැනගන්නට ඇත. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාද, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුද ඒ වන විට ජනාධිපති මන්දිරයේ සිට ඇති බවද වාර්තා වේ.


කෙසේ වෙතත් මේ සාකච්ඡාවේදී මලික් සමරවික්‍රම මහතා ආණ්ඩුවෙන් මැති ඇමැතිවරුන් විපක්‍ෂය වෙත බිලීබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් සිදුකරනු ලබන රහසිගත මෙහෙයුම් පිළිබඳ තොරතුරු රැසක් ජනපතිවරයා වෙත හෙළිදරව් කර ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවුඩයක්ද මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දෙමින් සමරවික්‍රම මහතා තවදුරටත් එජාප මන්ත්‍රිවරුන් ආණ්ඩුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසට ඉල්ලීමක්ද කර ඇති අතර ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා එජාපයට එක්කර නොගැනීමට වික්‍රමසිංහ මහතා තීන්දු කර ඇති බවද සඳහන් කොට තිබේ.

මීට අමතරව ෆයිසර් මුස්තාපා මහතා විපක්‍ෂයට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේ සියලු තොරතුරු එහිදී සමරවික්‍රම මහතා ජනාධිපතිවරයා වෙත හෙළිදරව් කර ඇති බවද පැවැසේ. එමෙන්ම හිටපු ජනාධිපතිනිය විසින් විපක්‍ෂයට ගනු ලැබීම සඳහා සබඳකම් පවත්වන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනයක්ද සමරවික්‍රම මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ."

 

Last modified on Monday, 29 December 2014 09:16

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us