ජලගැලීම් සමග වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්

Published in පුවත්
Monday, 29 December 2014 10:59

මහවැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රටපුරා පානීය ජල මූලාශ‍්‍ර බොහොමයක් දූෂණය වී අැත. ඒ අනුව ඇතැම් වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්ද පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දේ. හැකි පමණ ජලය උණුකර පෙරා පානයට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කරයි.

වැඩිදුර කරුණු දැක්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ මේ වන විට පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මළ ද්‍රව්‍ය සහ අනෙකුත් විෂ ද්‍රව්‍ය පානීය ජලයට මුසු වී තිබිය හැකියාවක් තිබෙන නිසා පාචනය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. එම නිසා උණුකර නිවාගත් ජලය පානය සඳහා භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ සඳහා රට පුරා වෛද්‍යවරුන් මේ වන විට ජනතාව දැනුවත් කිරීමේ නිරත වෙමින් සිටින අතර එසේම සියලූම මහජන සෞඛ්‍ය වෛද්‍යවරුන් සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කර අැත්තේ උපකාර අවශ්‍ය ප‍්‍රදේශවල අදාළ ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු සහ පිරිසිදු පානීය ජලය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට උපකාරී වන ලෙසය.

මේ දිනවල පවතින සීතල කාලගුණයද ඇතැම් අයට සෞඛ්‍ය තර්ජනයක් බව මෙහිදී පැහැදිලි කෙරුණි.


දෙසැම්බර්, ජනවාරි මාසවල සමාන්‍යයෙන් පවතින සීතල කාලගුණ තත්ත්වයමේ වන විට ඊට වඩා වැඩි සීතල තත්ත්වයක් බවට පත්ව තිබේ. එහිදී විශේෂයෙන්ම වැඩිමහල් ජනතාව සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ. ඊට හේතුව ඔවුන්ට දරාගත නොහැකි සීතල තත්ත්වයන් ඇති විය හැකි වීමයි. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත්වීමත් ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂිත තත්ත්වයන් සපයාදීමත් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍යවරයා පවසා සිටියේය.

Last modified on Monday, 29 December 2014 11:01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us