දරුවන් දෙදෙනකු යට කර සලමන් ඛාන් රටින් පනී ! (photos)

Published in පුවත්
Tuesday, 30 December 2014 16:07

(update) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.

ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ, අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.

අනතුර සිදුකළ බව සැලකෙන මෝටර් රථය ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති එකකි.


මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.

කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.

වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය.

මේ අතර, මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව මෙය සාමාන්‍ය රිය අනතුරක් ලෙස වැලිකඩ පොලීසියේ රථවාහන අංශය වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.


 මෙම අනතුරට පාත්‍ර වූ එක් ලමයෙකුගේ පාදය ඉවත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති අතර අනෙක් ලමයාට පියවි සිහිය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් විශාල සටනක නියැලී සිටී.

unnamed 5unnamed 6unnamed 7unnamed 9

Last modified on Tuesday, 30 December 2014 21:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us