ජවිපෙ-මෛත්‍රී රහස් ගිවිසුම හෙළිකරන්න ගුණරත්නම් එනවාලු !

Published in පුවත්
Thursday, 01 January 2015 07:38

ජනතා විමුක්‌ති පෙරමුණ සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති රහස්‌ ගිවිසුම් හෙළිකිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා (කුමාර් මහත්තයා) අද (01දා) හෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

පොදු වාමාංශික අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පෙරටුගාමී පක්‍ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් මෙම 05 වැනිදා කඩවත නගරයේ පවත්වන අවසන් ප්‍රචාරක රැලිය අමතමින් කුමාර් ගුණරත්නම් මහතා ජනතා විමුක්‌ති පෙරමුණ පිළිබඳ බොහෝ දැ හෙළිකරනු ඇතැයි ජයගොඩ මහතා කීවේය.

ආණ්‌ඩුවේ අවසරය මත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුමාර් ගුණරත්නම් මහතාට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කර ඇත. කුමාර් ගුණරත්නම් මහතාගේ බිරිය වන චම්පා සෝමරත්න මහත්මිය සහ පුතණුවන්ද පසුගිය 26 වැනිදා එස්‌කිව් 468 දරන සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු දැනට පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වී සිටිති.

ජනතා විමුක්‌ති පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරී නායකයකුව සිටි කුමාර් ගුණරත්නම් මහතා තවත් සාමාජිකයන් පිරිසක්‌ සමඟ එම පෙරමුණෙන් ඉවත්ව ගොස්‌ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවා ගත්තේය. ඒ වන විට ඒ මහතා ඔස්‌ටේ්‍රලියාවේ ජීවත්වූ අතර වෙනත් නමකින් ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී වසර දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනිණි. පසුව මෙරට ඔස්‌ටේ්‍රලියානු මහකොමසාරිස්‌ කාර්යාලයේ මැදිහත්වීම මත ගුණරත්නම් මහතා අත්අඩංගුවෙන් මුදාහැර ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලදී.

එසේ පිටුවහල් කරද්දී ඒ මහතා වෙනුවෙන් පනවන ලද රුපියල් 29,130 ක දඩ මුදල පසුගියදා 24 දා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා ඇත.

කුමාර් ගුණරත්නම් මහතා ඔස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාගත් අයකු වන අතර ශ්‍රී ලංකාවේදී උපත ලබා ඇත.

ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය ඊයේ වෙන්කර ගැනීමට නියමිතව තිබූ බවද පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් පැවැසුවේය.


divaina

Last modified on Thursday, 01 January 2015 07:55

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us