වෙල්ගම හා සමරසිංහ සිරිකොතට ඒම වලක්වන්න මෙහෙයුමක්.

Published in පුවත්
Friday, 02 January 2015 15:48
ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ  විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි  බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. 
 
එහිදී ගැ‍ටුම් කාරිත්වයක ඇතිවේ යැයි  සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත අසල සීරුවෙන් තබා ඇත. 
 
මේ අතර අපට වාර්තා වූයේ,
 
තාත්තිව දිනවන්න වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගසා ඇති බවය. 
 
ජනාධිපතිවරණය පරාජය වන බවට සියළු බුද්ධි අංශ වාර්තා  තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වියරු වැටීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරක වැඩ වලට සක්‍රියව දායක නොවන් ප්‍රදේශවල සිටින ඔහුගේ මිතුරු මන්ත්‍රීවරු හමුවී බැණ වැදීමටත් පහර දීමටත්  මෙම ජනාධිපති පුත්‍රයා කටයුතු කර තිබේ.
 
සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්‍රයා වන අතර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන ‍රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත. 
 
මහින්ද සමරසිංහ මහතාද  අද යාපනය ‍රැස්වීමට සහභාගී වීම සඳහා ගොස් ඇති බවත් වාර්තා වේ.
 
මේ අතර  මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගමටද මේ ජනාධිපති පුත්‍රයා  ඉතා නොසරුප් ලෙස බැණ වැදී ඇති බවද වාර්තාවේ. උඹේ මහ එකාත් යනවලු නේද? ආදී වශයෙන් රාජකීය පුත්‍රයා ප්‍රශ්න කර තිබේ.මේ අනුව අමුණුගම පවුලද විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
 
sirikotha-2sirikotha-3

 

Last modified on Friday, 02 January 2015 15:52

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us