මෛත්‍රීපාලට සහාය දැක්වූ වෙඩරුවට වෙඩි තියයි. නූලෙන් බෙරෙයි. සේවකයකුට අසාධ්‍යයි.

Published in පුවත්
Saturday, 03 January 2015 09:34

ඊයේ 2 සවස පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට සහාය දැක්වීමට විපක්ෂයට එක්වූ වයඹ පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසට රාත‍්‍රී කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීමට ලක්වී ඇත්තේ මන්ත‍්‍රීවරයාගේ නිවසේ සේවය කළ අබේකෝන්ගේ සමරකෝන් නැමැති 68හැවිරිදි පුද්ගලයෙකි. කුරුණෑගල පුබුදු මාවතේ පිහිටි ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී ඊයේ රාත‍්‍රී 11.40 පමණ සුදු පැහැති ජීප් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ස්වයන්ක‍්‍රීය වර්ගයේ තුවක්කුවක් බවත්, තුවාලකරුගේ යටි බඩ ප‍්‍රදේශයට වෙඩි පහර වැදී ඇති බවත් පොලිසිය කියයි.

තුවාලකරු මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

 

වයඹ පළාත් සභාවෙන් තව එකක් ගැලවේ

Last modified on Saturday, 03 January 2015 10:06

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us