මැතිවරණය නිදහස් හා සාධාරණයි -රජය යුරෝපයට පවසයි

Published in පුවත්
Saturday, 03 January 2015 10:38

යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02)පෙන්වා දී ඇත්තේ සියළු ශ‍්‍රී ලාංකිකයින්ට ප‍්‍රචණ්ඩත්වයෙන් සහ බියෙන් තොරව ජනාධිපතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බවය.

මීට ප‍්‍රතිචාර දක්වමින්, ඡන්ද දායකයින් හට කිසිඳු අවස්ථාවකදී ඡන්දය ප‍්‍රකාශ කිරිමට බලපෑම් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත. එමෙන්ම ස්වාධීන මැතිවරණයක් පැවැත්්වීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා කැප වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය යුරෝපා සංගමයට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් නිරතුරුවම කැප වී සිටින බවත් දිගු කලක සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැවැති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හැඳින්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කලේය.

එළැඹෙන ජනාධිපතිවරණය වඩාත් සාමකාමී අයුරින් සහ විශ්වාසනියත්වයෙන් යුක්තව පවත්වනු ඇති බවට යුරෝපා සංගමය විසින් සිදු කළ ප‍්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කරන ලදී.

එළැඹෙන ජනපතිවරණය නිදහස්ව හා සාමකාමිව පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us