ආණ්ඩුව විවේචනය කරන භික්ෂූන්ට කොටි ලේබලය ගහන්න එපා

Published in පුවත්
Sunday, 04 January 2015 08:56

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කරන භික්ෂූන්ට කොටි ලේබලය නොගසන මෙන් ජාතික සංඝ සභාවේ සහ ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වහන්සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ එම ඉල්ලීම කළේ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වුන භික්ෂු විරෝධතා ව්‍යාපාරයක දී.


එම භික්ෂු උද්ඝෝෂණයේ අරමුණ උතුරේ දෙමළ ජනතාවට ජනවාරි අට වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසන මෙන් ලෙස රජයට කියා සිටීමයි.

2005 ජනාධිපතිවරණයේ දී මෙන් කොටි ත්‍රස්තවාදීන් යොදා ගෙන උතුරු පළාතේ ජනතාව ඡන්දය දීමෙන් වළක්වා ලීමට යළි කටයුතු නොකරන ලෙසයි භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියේ.

තමන්ට කොටි ලේබලය ගැසුවත් කොටි සිටින්නේ අරලිය ගහ මන්දිරයේම බවයි භික්ෂු එකමුතු විරෝධතා ව්‍යාපාරයේ දී අදහස් පළ කළ ජාතික සංඝ සභාවේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රකාශ කළේ.


ජනවාරි අට බිය වැද්දීම්

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ජනාධිපතිවරණය දිනයේ උතුරු පළාතේ ජනතාව බිය වද්දමින් මහජනයා ඡන්ද පොලට පැමිණීම වළක්වා ලීමේ සැලැස්මක් පිළිබඳව දැන ගන්නට ලැබී ඇති බවයි.

‘දෙමළ මිනිසුන් බිය වද්දමින් ඔවුන් ඡන්ද පොළවලට නොපැමිණ සිටීමේ තත්වයක් ඇති කිරීමට හදනවා. අන්න ඒ තත්වය ගැන ලෝකයට කියන්නයි අපි අද අරලිය ගහ මන්දිරය ඉදිරියට ආවේ’ පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ.

සිංහල දෙමළ සහ මුස්ලිම් හැම පුරවැසියකුගේ ම ඡන්ද අයිතිය සහතික කරන මෙන් උන්වහන්සේ ඉල්ලීමක් ද කළහ.


මහජන කැමැත්තට බාධා

එම විරෝධතා ව්‍යාපාරය අමතා කතා කළ ජාතික හෙළ උරුමයේ පස්සරමුල්ලේ දයාවංශ හිමියන් සඳහන් කළේ යුද ජයග්‍රහණයේ සම්පූර්ණ ගෞරවය තනිකර සිය අයිතිය යටතට ගැනීමට කටයුතු කරන ජනාධිපතිවරයා ඊට දායක වූ වෙනත් කොටස් වලට කොටි ලේබලය අලවමින් සිටින බවයි.

‘ජනාධිපතිතුමා උතුරේ ප්‍රජාතන්ත්‍රීය ලෙස බලයට පත් කණ්ඩායම යටපත් කරමින් කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙමින් උතුරු පළාතේ ජනයාගේ ඡන්ද අයිතිය වළක්වාලීමට කටයුතු කිරීම ගැන අපි කනගාටු වෙනවා. මහ ජනතාවට සහජීවනයෙන් වාසය කිරීමට ඇති පරිසරය මහජන කැමැත්ත උරගා බලන මොහොතක වැරදි ආකාරයට පාවිච්චි කිරීම ගැන අපි කනගාටු වෙනවා’ පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පැවසූහ.

විරෝධතා ව්‍යාපාරයට හවුල් වූ භික්ෂූන් වහන්සේ පිරිත් දේශනා කරමින් සත්‍යග්‍රහයක ද නිරත වූහ.


bbc

150103171152 protest temple

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us