ඡන්දපොළ ආරක්ෂාවට 45,524 ක බලකායක්

Published in පුවත්
Monday, 05 January 2015 13:09

උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.

උතුරු පළාතේ ඡන්දපොළ මධ්‍යස්ථාන 933 හැරුණු විට නැගෙනහිර පළාතද ඇතුළුව දිවයිනේ අනෙකුත් ඡන්ද මධ්‍යස්ථාන 11,38 ම ආවරණය වන පරිදි හතර දෙනකු බැගින් වූ එජාප සන්නිවේදන බලකා නියාමකයෝ මේ කටයුත්තට අනුයුක්ත කිරීමට නියමිතය.

එජාප සන්නිවේදන බලකා නියාමකයෝ ඡන්දපොළ ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලැබ සිටිති .ඔවුන්ට සිය කාර්යය පහසු කර ගැනීම සඳහා ඡායාරූප ගත හැකි නවීන දුරකථන වීඩියෝ පටිගත කිරීමේ කැමරා සහ ජංගම දුරකථනද නිකුත් කර තිබෙන බව සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

ජනාධිපතිවරණය අවසන්වී ප්‍රතිඵල නිකුත්වන තෙක්ම අද සිට ඉදිරි දිනවලදී ප්‍රදේශයට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් නාදුනන වාහන, කණ්ඩායම් ආදී සියලු වෙනස්වීම් සම්බන්ධයෙන් එජාප සන්නිවේදන බලකා නියෝජිතයන් 45,524 දෙනා පූර්ණ අධීක්ෂණයෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

ජනතාවගේ නිදහස් ඡන්ද අයිතියට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකු කණ්ඩායමක් හෝ සංවිධානාත්මක පිරිසක් සම්බන්ධයෙන් ඡායාරූප, වීඩියෝ පටිගත කිරීම් සහ රථවාහන අංක සාක්ෂි ඇතිව රැස්කිරීම පිළිබඳවද එජාප සන්නිවේදන නියාමකයින් සුවිශේෂ පුහුණුවක් ලැබ සිටිති.

තර්ජනයට ලක්විය හැකි බවට අනුමාන කරන ඡන්දපොළ මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවායේ ආරක්ෂාව සඳහා සන්නිවේදන බලකා නියෝජිතයින් 4 දෙනාට අමතරව තවත් තිදෙනකු බැගින් යොදවා ඇතැයිද එජාප සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ ඡන්දපොළ මධ්‍යස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් වෙනමම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරෙන අතර එජාප මැතිවරණ කොට්ඨාශ කළමනාකරු පූර්ණ චන්දන සිල්වා ජනාධිපතිවරණ බලයලත් නියෝජිත හරීන්ද්‍රනාත් දුනුවිල සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මකවේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us