තර්ජන හා නාමල්ගේ අරක්කු නොතකා ජනතාව ඡන්ද දමති

Published in පුවත්
Thursday, 08 January 2015 13:57

යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා ගොස් ඇත. මෙය අන්ගජන් මන්ත්‍රීගේ ගෝලයන් විසින් සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.

පේදුරුතුඩුවේ අල්වායි ඡන්ද මධ්‍යස්ථානය  වෙත හා ආරියලෙයි පොම්බුහල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ජනතාව බිය වැද්දීම සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇත. නමුත් උතුරේ ජනතාව කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කර ඇත. මේ වනවිටත් උතුරු හා නැගෙනහිර පළාත්වල 60% ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර අවසන් බව වාර්තා වේ.

මේ අතර අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පවසන්නේ මධ්‍යාහ්න 12.00 වන විට දිවයින පුරාම ඡන්දය භාවිතා කිරීම 40% - 50%ක ප්‍රමාණයක පැවැති බවයි.

Last modified on Thursday, 08 January 2015 13:59

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us