මේ මගේ අවසාන ජනපතිවරණයයි

Published in පුවත්
Friday, 09 January 2015 20:49

තමා නැවතත් ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බවත්, දින 100 ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ඉටුකරමින් ජනතාව බලාපොරොත්තු වූ පරිවර්තනය සිදුකරන බව අභිනව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවැසිය.

රටේ ආදරණීය ජනතාවගේ වගකීම තමන්ට බාර දී ඇති බවත්, එය ඉතාමත් විශිෂ්ට ලෙස ඉටුකරන බවත් අද(09) ජනපතිධූරයේ දිවුරුම්දීමෙන් අනතුරුව සඳහන් කළේය.


මෙරටට අවශ්‍ය ආර්ථික, සමාජයීය, දේශපාලනික පරිවර්තනයන් දින 100ක් ඇතුළත ස්ථිරවම ඉටුකරන බවත්, රටක දේශපාලන සංකෘතිය මීට වඩා ප්‍රබුද්ධ විය යුතු බවත්, ‍නව ජනපති එහිදී අවධාරණය කර සිටියේය.

එසේම තමා නැවත වරක් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බවත්, තමා පොදු අපේක්ෂකයා ලෙස තෝරාපත්කර ගැනීමට රටේ ප්‍රධාන පක්ෂයක් වන එ.ජා.ප. ඇතුළු රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බවත් පැවැසිය.

පොදු අපේක්ෂකවරයා ලෙස මෙම මැතිවරණ ව්‍යාපාරය කිරීමට පහසු නොවු බවත්, ඉතිහාසයේ කිසිදු මැතිවරණයකදී තමාට මෙවන් වු විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදු නොවූ බවත්, නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේය.

තමාගේ ආධාරකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම, රත්නපුර ප්‍රදේශයේ සිදු වු පුද්ගල මරණය සම්බන්ධයෙන් තමා ඉතාමත් කණගාටු වන බවද කීවේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ මෙම මැතිවරණයේ ජයග්‍රහණය නිසි ලෙස තමාට ලබාදීමට කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ස්තූතිවන්ත වන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us