රාජපක්ෂ පරාජයට පත්වීමේ ප්‍රධාන හේතුව සිංහල බෞද්ධ වර්ගවාදය පැතිරවීම නිස බව නැවත නැවත පැවැසිය යුත්තක් නොවේ. ඒ ඉතා පැහැදිලිය. බොදුබල සේනා ආදී ත්‍රස්ත සංවිධාන ගොඩනගා සුළු ජාතිකත්වයන්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ මෝඩ තීන්දුවට එරෙහිව අවශ්‍ය උත්තරය එම ජාතිකත්වයන් පැහැදිලිව ලබා දී තිබිණි.
එහෙත් තවදුරටත් ඒ මත්තෙම නැහෙන්න රාජපක්ෂ තීන්දු කර ඇත. මෙවැනි පටු ග්‍රාම්‍ය නායකයන් මෙරටේ විපක්ෂයටවත් සුදුසු නැත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීමට නම් මේ සියළු ආකාරයේ වර්ගවාදයන් මුනුපුටා දැමිය යුතුය. සිංහල දෙමළ මුස්ලිම් කවරෙකුට වූවද ජාතිකත්වයන් මත තීන්දු ගෑනීමේ ක්‍රමය පිටු දැකිය යුතුය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														