මෛත්‍රීපාලනය වසුරු ගොඩකට !

Published in පුවත්
Saturday, 10 January 2015 18:17

නව රජයේ රුපවාහිනී සභාපතිවරයා ලෙස සෝමරත්න දිසානායක පත් කර තිබේ.


අප අද උදැසන පැවැසූවේ දුෂිතයක් මෛත්‍රීපාලනය අතර ගැනිමට කැසකවන බවය. එහි එහි තවත් එක ප්‍රතිපලයකි.

මහින්ද රාජපක්ෂ පාලනය විනාශ කිරීමට වගකිව යුතු විනාශකාරක පුද්ගලයෙක් ලෙස සොමරත්න දිසානායක හැදින්විය හැකිය. ඉතා නිර්ලජ්ජිත ලෙස රාජපක්ෂට වන්දිබට්ටකම් කරමින් කලාව විකුණගෙන කාපු, කලා මුදලාලීයකු වන සෝමරතනලා තමන්ගේ වෙළදාමට වශ්‍ය පරිදි චිත්‍රපට සංස්ථාව මෙහෙයවා ගැනිමට එහි හිටපු සභාපතිවරයා ඉඩ නොදීම නිසා පැවැති රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කර විපක්ෂයට පැමිණි අයෙකි.

මෙවැනි තක්කඩි මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පවා පැවැතියේ දැඩි විරෝධයකි.

 

සම්බන්ධයෙන් නදිශා චන්ද්‍රසේන මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි කළ සටහනක් මෙසේස පල කරමු

 


උපන්දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ !

පනින්නට පෙර සිතා බලන්නය කියා අපට උගන්වා ඇත්තේ එකේ පංතියේ ඉඳන්මය. ඒ නිසා මේ සියලු පැනීම් "හොඳින් හිතා බලා" කළ එව්වාය. බලෙන් අතකින් ඇද පන්නවන එව්වා - රෑ පානේ ගෙදර ජනේලෙට තට්ටු කර තාප්පෙන් පන්නවා ගන්න එව්වා, මැරෙන්නය කියාලා හෝර්ටන් තැන්නෙන් පහල පනින එව්වා ...ගැන වාර්තා උවද ඒ සියලු පැනීම් "හොඳින් හිතා බලා" කළ එව්වා බවට සැක නැත.


දේශපාලනික සත්වයෙක් වන මිනිසාට හිමි ලොකුම නිදහස "පැනීමේ නිදහස" බව මම සිතමි. මළපැනීම, වැට පැනීම, ගුඩු පැනීම, බට්ටෝ පැනීම වගේ සාමාජිය ක්‍රීඩා බිහිවූයේ ඒ නිදහස තුලිනි.නමුත් මේ කියන්නේ "ගස් කොටු පැනීම" ගැනය. එය දේශපාලනික ක්‍රීඩාවකි. මාර ගස් වල කොළ හැලෙන කාලෙට තේක්ක ගස් වලට මාරු වීමත් තේක්ක ගස්වල කොළ හැලෙන කාලෙට මාර ගස් වලට මාරු වීමත් එහි ආතල් එකය.

දැන්, සෝමේ මාමා ගන්න. මාමා ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳන්ය. "සුදු කාසි හිඟන්නෙක්" කියන මාමාගේ කවිපොත එළිදක්වන දවසේ මමත් මහජන පුස්තකාලයේ මාමා එක්ක හිටියෙමි. මාමා දිගු වෙලාවක් කඳුළු සළමින් කළ කතාවේ එක අකුරක්කත් දැන් මට මතක නැත. එයා සරෝජා කරද්දී උඩහ මිනිස්සුන්ගේ හදවත මාමා ළඟ බව මට හැඟුණු නමුත් ඒක ඇත්තටම තියෙන්න ඇත්තේ මහින්ද චන්ද්‍රසේකර ළඟ බව මම දැන් හිතමි. සරෝජා කියන්නේ "මම උගන්වන පංතියේ මා එක්ක එකට ඉගෙන ගන්න එකීය" කියා තෝරා දුන්නේ ඔහුය.

මාමාගේ සිනමා කලාව ගැන මම කතා කරන්නේ නැත. නමුත් මාමාගේ ව්‍යාපාර කලාව ගැන මට කියන්නට දෙයක් ඇත. එච්චර සරු නැති අපේ සිනමාවේ මස්රාත්තලම එකවර ඩැහැගත් "සිනමා ෂයිලොක්" මේ මාමා බව මම දනිමි. පෝලිං පනින මාමා නිසා තවම පෝලිමේ වේලෙන කොල්ලන් ගැන මම දනිමි. මාමාගේ සුපර් මාර්කට් ප්රෝපගන්ඩාව නිසා බංකොලොත් වූ පෙට්ටි කඩ ගණන මට තනියෙන් ගැන නිම කරන්නට බැරිය. ආකාස කුසුම් චිත්‍රපටයට මාමා නිසා කෙළ උනාය කිව්වේ , මාමා එක්ක "එකට ඉගෙනගත්" නැන්දා කෙනෙකි.

"බැච් මේට් ලා" එහෙම සෆර් කරනවා නම් අනික් උන් චෙක් මේට් වීම අහන්නත් දෙයක්ද? මාර ගස් වල කොළ හැලෙන කාලෙට තේක්ක ගස් වලට මාරු වීමත් තේක්ක ගස්වල කොළ හැලෙන කාලෙට මාර ගස් වලට මාරු වීමත් මාමාගේ ආතල් එකය. මාමා ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳන්ය. ඉර්තු මාරුව ඩිලේ උනොත් ආයෙත් ඕස්ට්‍රේලියාවට මාරුවීම මාමාට සුළු දෙයක්ය.

ඉතිං, ලාංකීය දේශපාලනය පිළිබිඹු කෙරෙන "අයිකොන් එක " සෝමේ මාමාය. එතුමන්ගේ රුව රාජ්‍ය ලාංචනය කොරන්නට ඕනෑය.

දූ

~නදීසා

Last modified on Saturday, 10 January 2015 18:23

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us